ජන්කුක් උදෙන්ම නැගිටලා කාමරෙ ජනේලෙන් එලිය බලාගෙන හිටියා.. අද එයාලා මුලින්ම යුනිවසිටි යන දවස. එලාර්ම් එක හතර පස් පාරක් බෙරිහන් දුන්නට පස්සෙ අමාරුවෙන් ඇස් ඇරලා ඇදේ ඉදගත්තා.. ඊටපස්සෙ කම්මැලිකම යන්නත් එක්ක පොඩ්ඩක් ජනේලෙ ලගට ගිහින් එලිය බලාගෙන හිටියෙ..
"කුකී බබා..... කුකී............"
ජන්කුක්ගෙ අම්මා තාමත් ජන්කුක් නිදි ඇති කියලා හිතාගෙන ජන්කුක්ට කතා කලා.
"නැගිටල ඉන්නෙ ඔම්මා...."
ජන්කුක් ජනේලෙ ගාවින් මෑත් වෙන ගමන් හෙමීට එහෙම කිව්වා. ජනේලෙ ලගින් ඈත් උන නිසා පහල උද්‍යානයේ එකපාරටම එහේ මෙහා උන අමුතු ජීවියාව ජන්කුක් දැක්කෙ නැහැ. ජන්කුක් දොර ඇරගෙන එලියට යද්දිම ඔම්ම දොර ලග..
"අ..අහ් ඔම්ම.. තව පොඩ්ඩෙන් ඔම්මගෙ පුතා හදේ තමයි.. හොල්මන වගේ දොර ඉස්සරහ හිටන් ඉන්නෙ... මන් බය උනා.."
"හරි හරි ඉතින්... මන් බය කරන්න නෙවේ හැදුවෙ. බලන්නකො හොදටම පරක්කුයිනෙ ඔයාලා.. අර තේහ්‍යුන්ග් තාම නිදි.. පලවෙනි දවසෙම ඔහොම පරක්කු උනාම හරිද ලමයෝ.. මන් කියන්නෙ ඇත්තටම එහෙම හොදද.. ගිහින් ටේට ඇහැරවල එන්න.."
ජන්කුක්ගෙ අම්මා කියවගෙන කියවගෙන යද්දි ජන්කුක් ඔලුවත් කස කසා තේහ්‍යුන්ගෙ කාමරේට ගෑටුවා..
"නැගිටපන්!!!"
ටෝන් ගාලා තේයුන්ගෙ පස්සට ගහපු ජන්කුක් තේහ්‍යුන්ගෙ ඇදේ පෙරලිලා ඇගමැලි කඩන්න ගත්තා..
"අනේ... තව සුට්ටක් නිදාගන්නම්කො ඔම්මා.."
තේහ්‍යුන්ග් එහෙම කියාගෙන ජන්කුක්ගෙ පැත්ත හැරිලා කකුලකුත් ජන්කුක්ගෙ ඇග උඩින් දාගෙන හොදට නිදාගත්තා...
"ඔම්මා??? මූට පිස්සුඩ මන්ද.."
ජන්කුක් එහෙම කියලා තේහ්‍යුන්ගෙ කකුල අල්ලලා ඈතට විසි කලා. තේහ්‍යුන්ග් ඒ වේගෙට එහෙම්මම අනිත් පැත්තටම හැරුණා.. ඒත් තව මොකාද පොලවෙ ගහල වගේ නිදි.. ජන්කුක්ටත් නිකම් නින්ද යාගෙන වගේ ආවා. එතකොටම නින්ද යන්න කලින් ටක් ගාලා ඇදේ ඉදගෙන තේහ්‍යුන්ග් ඔලුවෙ ඉදන් පොරවගෙන හිටිය ශීට් එක අයින් කරා.
YOU ARE READING
THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Werewolfwhat is our fate??? death or life??? love or hatered... the creator will decide it..