ජන්කුක්.... ලගට එන්න එපා....
පාලු පාරෙ පණ ඇති මිනිස් පුළුටකට කියලා හිටියෙ ජන්කුක්,ජිමින් දෙන්නා විතරයි.. ජිමින් මේ පාරෙන් වෙනදටත් එනවා. මේ පාර ජිමින්ට හුරුයි.. මොකද ජිමින් වැඩිය මිනිස්සු එක්ක ගැටෙන්න කැමති නැති නිසා ජිමින් හැමතිස්සෙම තෝරගත්තෙ මිනිස්සු අඩු තැන්.. පලවෙනි වතාවට ජිමින්ට ඒ ගැන පසුතැවීමක් ඇති උනේ ජන්කුක්ගෙ ඇස් වල තියන බැල්ම ජිමින්ට එක පාරින්ම තේරුම් ගන්න පුලුවන් වෙච්ච නිසයි.. ජන්කුක් යටිතොලත් හපාගෙන අමාරුවෙන් ජිමින් දිහාට ලන් උනේ බීපු සෝජු බෝතල් ටික හෙමීට වැඩ කරන්න පටන් ගද්දියි.. ජන්කුක් බීමතින් කියලා ජිමින්ට හොදටම පෙණුන නිසාත් ජිමින්ගෙ බය වැඩි උනා.. ජන්කුක් එදා තමන්ට රිද්දපු හැටි ජිමින්ට මතක් වෙන්න පටන් ගත්තා.. තොල් වල තිබ්බ සැපුම් පාරවල් වල වේදනාව ආයෙ ආයෙත් දැනෙනවා වගේ.. ජන්කුක් ටික ටික ජිමින්ට ලන් උනා...
"ජන්කුක් !!! මම තමුසෙට අවසාන වතාවට කියන්නෙ... තව අඩියක්වත් ඉස්සරහට එන්න එපා..."
ජිමින් හිතේ තිබ්බ හයිය එකතු කරගෙන ජන්කුක්ට කෑ ගැහුවා. එකපාරම ජන්කුක් නැවතුණා.. නැවතිලා ජිමින් දිහා බලාගෙන අතේ තිබ්බ අනිත් සෝජු බෝතලෙත් කැඩුවා. එක හුස්මට බෝතලෙන් බාගයක්ම හිස් කලේ ටේමින් අද යුනිවසිටි එකේදි කිව්ව කතාවත් ඔලුව පුරාම දෝන්කාර දෙන්න පටන් ගනිද්දියි...
"ඊයෙ රෑ මායි ජිමිනුයි ටිකක් එන්ජෝයි කලා.. එයාට ඇගට අමාරුයි කියලා ගෙදර නැවතුනා..."
ඒ කතාව මතක් වෙන්න මතක් වෙන්න ජන්කුක්ගෙ ඔලුව හිර කරනව වගේ හැගීමක් ජන්කුක්ට දැණුනා..බාගයක් ඉතුරු උන සෝජු බෝතලේ වහලා දාපු ජන්කුක් ආයෙම ජිමින් දිහා බලද්දි ජන්කුක්ගෙ ඇස් රතු පාට වෙලා ආයෙම දීප්තිමත් රත්තරන් පාටකට හැරිලා දිලිසුණා.
"මට ලගට එන්න එපා කියන්නෙ... හහ්.. උබට අමාරු ඇති ඊයෙ ටේමින් එක්ක ඉදලා නේ ??? තමුසෙ මගේ!! උගෙ නෙවෙයි...."
බය උන හා පැටියෙක් වගේ ඇස් ලොකු කරන් තමන් දිහා බලන් හිටිය ජිමින් දිහා බලන ගමන් ජන්කුක් එහෙම හිතුවා.. ඒත් ජිමින්ගෙ ඇස් වල තිබ්බ අභියෝගාත්මක බැල්ම අදුරගන්න ජන්කුක්ට අමාරු උනේ නෑ.. ජන්කුක් ජිමින් කියන දේ කනකටවත් නොගෙන ජිමින්ට ලන් වෙන්න පටන් ගත්තා.. ජිමින් අඩියෙන් අඩිය පස්සට ගියේ ජන්කුක් නවතින පාටක් නැති නිසා.. ජිමින් පිටිපස්සට යද්දි ජන්කුක්ගෙ තරහ තවත් වැඩි උනා.. ජිමින් කියන්නෙ එයාට අයිති දෙයක්. ඒක ජිමින් නොදන්නව උනාට ජන්කුක්ට දැනෙනවා.. ජිමින්ගෙ සුවද ජන්කුක්ව පිස්සු වට්ටනවා. ඒ හැමදේටම වඩා ජන්කුක්ගෙ ඔලුව පිස්සු වැට්ටුවෙ ඊයෙ ජිමින් ටේමින් එක්ක ඉන්න ඇතියි කියලා දැණුන හැගීම...

BẠN ĐANG ĐỌC
THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Người sóiwhat is our fate??? death or life??? love or hatered... the creator will decide it..