''ටේමින්???? "
ජිමින් පුදුමයෙන් විසල් උන ඇස් එක්ක එහෙම කියන ගමන් ටේමින් දිහා බැලුවා. සුපර් මාර්කට් එකෙන් එලියට බැස්ස ටේමින් වටපිට නොබලම එලියට බැහැලා යන්න ගියේ පාර අයිනක ඉදන් එයා දිහා බලාගෙන ඉන්න ජිමින්ව නොදැකමයි. යුනිවසිටි එකට ගිය වෙලාවෙ ඉදන් ඇස් රිදෙනකල් ටේමින් එනකල් ජිමින් බලන් හිටියත් ටේමින් ආවෙ නෑ. ඒ නිසා ටේමින් හම්බෙන්න ජිමින් නොඉවසිල්ලෙන් හිටියේ. ටේමින්ට සමාව දෙනවා කියන්න ජිමින්ට ඕන උනා. මේ වෙලාවෙ ටේමින් අසරණ වෙලා ඇත්තෙ.. කවුරුවත්ම නැතුව. ඒ නිසා ටේමින්ට සමාව දෙන්න ජිමින් තීරණය කලේ ඒ හැමදේටම වඩා අවුරුදු ගානක යාලුකම වටින නිසා.
" ටේමින්..... ඔහොම නවතින්න....."
දෙපාරක් නොහිතා ජිමින් ටේමින් පස්සෙන් දිව්වා. ජිමින් පිටිපස්සෙන් ආව ජන්කුක් ජිමින්ව නවත්තන්න හිතුවත් ජිමින් ජන්කුක්ට වඩා ඉස්සර උනා.
" ටේමින්..... ටේමින් ඔහොම ඉන්න......"
ජිමින් දුවගෙන ගිහින් ටේමින්ව අල්ලගෙන අනිත් පැත්ත හරවගත්තෙ ටේමින් ජිමින්ගෙ කටහඩ ඇහිලා පිටිපස්ස නොබලාම නැවතුන වෙලාවෙ. ජිමින් එයාව තමන්ගෙ පැත්තට හරවගත්තා. ටේමින් ට ඔලුව උස්සලා බලන්න හයියක් තියෙන්න නැතුව ඇති. ඒ නිසා එයා බිම බලාගෙන හිටියා.
" ටේමින්......"
ජිමින් ටේමින්ට කතා කලා.
" ජිමින්.... මූ එක්ක ඔයා ඕනවට වඩා එල්ලෙනවට මන් කැමති නෑ.."
ජිමින් කතා කරන්න හදද්දිම මැද්දට පැන්න ජන්කුක් එහෙම කියලා ජිමින්ගෙ අත ටේමින්ගෙ උරහිසින් අයින් කලා. ජන්කුක්ගෙ කටහඩ ඇහුණ ගමන් ටේමින් ඔලුව ඉස්සුවෙ තරහින්. ටේමින් තරහෙන් පුපුරමින් ජන්කුක් දිහා බැලුවා. ජන්කුක් උනත් ඊට නොදෙවනි බැල්මකින් ටේමින් දිහා බලාගෙන හිටියේ හරියට සටනකට සූදානම් වෙන ව්යාඝ්රයො දෙන්නෙක් වගේ.
" මිස්ටර් ජන්කුක්... ඔයා මේක මැදට පනින්න එපා.ඔයා මගෙ කවුරුවත් නෙවෙයිනෙ.."
ජිමින් ජන්කුක්ගෙ පපුවට අහ තියලා පිටිපස්සට තල්ලු කලා. ටේමින් කට කොනකට හිනාවක් අරන් ජන්කුක් දිහා බැලුවා. ඒ වෙලාවෙ ජන්කුක්ට දැණුනෙ තමන්ගෙ ආත්ම ගරුත්වෙට පහරක් එල්ල උනා වගේ. ජිමින් එහෙම කිව්වෙ හරියට ටේමින් තමන්ගෙ කෙනෙක්, ජන්කුක් තමන්ට අදාලම නැති කෙනෙක් ගානට දාලා. ජන්කුක්ට තරහක් වගේම වේදනාවක් දැණුනා.. ජිමින් ටේමින් දිහා බලලා එයාගෙ අත අල්ලගද්දි ජන්කුක්ට පපුව හාරනව වගේ හැගීමක් ජන්කුක්ට දැණුනා.
KAMU SEDANG MEMBACA
THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Manusia Serigalawhat is our fate??? death or life??? love or hatered... the creator will decide it..