අන්ධකාර වනාන්තරය
" මේ දෙන්න එකතු වෙන එක හොදයි...ඒක අපේ වැඩේට කොහොමත් පහසුයි.. අපේ සැලසුම උනෙත් ඒකනෙ.. හතුරො දෙන්නා එකතු උනාම උන්ගෙ පරම්පරාවම නිකන්ම හැදිගෑවිලා යාවි. ජිමින්ව අපි මෙහෙන් ඈතකට යැව්වෙත් මේ වැඩේ ලේසි වෙන්නනෙ.. "
තමන් ඉස්සරහ කොන්ද දෙකට නවාගෙන ඔලුව බිමට පාත්කරගෙන ඉන්න ලිතූර් දිහා බලන ගමන් මායාකාරයා එහෙම මිමිනුව.
" එ.. ඒත් උතු.. මාණෙනි... "
ලිතුර් යමක් කියන්න තමන්ගෙ කට තරමක් බයෙන් ඇරියේ ඔහුට තරහ යයිද කියන බයට.
" මොකද්ද උඹ දැන් ඒත් මේත් ගාන්නෙ?"
කේන්ති අරගත්ත නපුරු මායාකාරයා දැඩි හඩකින් එහෙම අහද්දි ලිතුර් තරමක් පිටිපස්සට ගියා.
" කියපන් මිනිහෝ.."
මායාකාරයා පෙරටත් වඩා හයියෙන් කෑ ගැහුවා.
" එ... ඒත්.. ක්..කුමාරයගෙ මනස ඒ වෘකයා ගැන හිතද්දි... අ... අපිට ඒ...ඒක පාලනය කරන්න බෑනෙ.."
ලිතුර් තරමක බයෙන් වගේ එහෙම විමසුවේ තමන් ස්වාමියගෙ බලය ගැන සුළුවෙන් තකන්න ගත්ත කියලා ඊලගට බැනුම් අහන්න වෙයිද කියන බයත් එක්කමයි. එහෙම තරහ ගියොත් තමන්ට විදින්න වෙන ඊලග දඩුවම ගැන හිතන්නවත් ඔහු බය උනා. තමන්ව හැමෝම අත ඇරලා දාල තියෙද්දි මායාකාරයා විතරයි තමන්ව බලාගත්තෙ. ඒක බලාගැනීමක් කියන්න බෑ.. ඒක හරියට මැරෙන්න වැටිලා ඉද්දී මැරෙන්න නොදී ජීවිතේ බේරගත්ත වගේ දෙයක්. ඒ දීපු ජීවිතේ වෙනුවට ලිතුර්ට සිද්ද උනා ඔහුගෙ මුලු ජීවිත කාලය පුරාවටම මායාකාරයගෙ අතකොලුවක් වෙලා ඉන්න.කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් ඒ දේ හැර වෙන කරන්න දෙයක් ලිතූර් ට තිබ්බෙ නැහැ.
තරමක් කල්පනා කරපු මායාකාරය තමන්ගෙ කටහඩ අවදි කලා.
" ඔව්. එතකොට එයාව පාලනය කරන්න අමාරුයි නම් තමයි.. ඒත් උන් දෙන්නා ආදරේ කරන එකම උන්ගෙ විනාසෙට හේතු වේවි.. මට ඕන ඔවුන්ගෙ පරම්පරා දෙකම නැත්තටම නැති කරලා දාන්න. උන් ඔහොම ලන් වෙච්චාවෙ.. උන්ගෙ ආදරේම දවසක උන්ගෙ මරණය වේවි.. උබ ගිහින් ආපහු කුමාරයගෙ තත්වෙ බලල වරෙන්"
YOU ARE READING
THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Werewolfwhat is our fate??? death or life??? love or hatered... the creator will decide it..