ජිමින් ජන්කුක් ඉස්සරහා ලැජ්ජාවෙන් තමන්ගෙ ඔලුව හංගගන්න උත්සාහ කරන විදිය ඈත ඉදන් බලාගන හිටපු ටේ පොඩි හිනාවක් එක්කම තමන්ගෙ මූණ අනිත් පැත්තට හරවගත්තා. ඒ එක්කම වගේ අහම්බෙන් තේහ්‍යුන්ග්ට දකින්න ලැබුණෙ ජන්කුක් වගේම ජිමින් හිටගෙන හිටපු තැනටසමාන්තරව තිබුණ විලෝ ගහක් අස්සෙ ඉදන් ජන්කුක් දිහාට ඊතලයක් ඇදගෙන හිටපු අමුතු කෙනෙක්ව. කළු ලෝගුවක් ඇදලා හිසේ ඉදන් දෙපතුලටම සිරුර ආවරණය කරගෙන හිටපු ඒ මනුස්සයා දැකපු ගමන්ම තේහ්‍යුන්ග්ට අනතුරක සේයාවක් දැණුනෙ නිතැතින්මයි. තේහ්‍යුන්ග් එකපාරටම නැගිට්ටෙත් එයාගෙ තියුණු ඇස් ලෝගුකාරයා සහ ජන්කුක් අතර තිබ්බ දුර පරීක්ෂා කරලා ඊලගට වෙන්න යන දේ මොකද්ද කියලා තේහ්‍යුන්ග් තේරුම් ගත්තෙත් ඇසිපිය ගහන වේගෙන්.
ලෝගුකාරයා ඊතලේ දුනුදිය අදිනවත් එක්කම ක්ෂණයක්වත් පමා නොවුණ තේහ්‍යුන්ග් විදුලියක් වගේ තමන්ගෙ උපරිම වේගයෙන් ජන්කුක්ව ආවරණය කරගන්න දිව්වා.
" ජන්කුක් අයින් වෙයාආආආආආන්න්න්න්..... ! "
ජිමින්ගෙ හීනි ඇස් අතර අතරමං වෙලා තමන්ගෙ හැගීම ප්‍රකාශ කරන ගමන් හිටපු ජන්කුක්ව වැරෙන් තල්ලු කරන ගමන් තේහ්‍යුන් කෑ ගැහුවා. ඒත් එක්කම හුලං කපාගෙන වේගයෙන් ජන්කුක් දිහාට ඇදිලා ආව ඊතලේ තේහ්‍යුන්ගෙ දකුණු උරහිසේ යට හරිය පසාරු කරගෙන ඇතුළට බැස්සෙ තේහ්‍යුන්ගෙ තල්ලුව නිසා ජන්කුක් පැත්තකට විසි වෙලා යනවත් එක්කමයි.
" ආආආආහ්හ්හ්.... "
තේහ්‍යුන්ග් උරහිස තදින් අල්ලගෙන වේදනාවෙන් කෑ ගහන ගමන් බිම ඉන්දවුණා. කලබල උන ජන්කුක් තේහ්‍යුන්ග්ව දැකලා තරමක් බය උනා. සිද්ධ උනේ කවුරුත් හීනෙකින්වත් බලාපොරොත්තු උන දෙයක් නෙවෙයි.
" තේහ්‍යුන්ග් !!!!! "
ජන්කුක් කෑ ගහගෙන තමන්ගෙ සහෝදරයා ලගට දිව්වා. ඒ අතර බියෙන් විශාල උන ජිමින්ගෙ බෝල ඇස් යොමු වෙලා තිබ්බෙ ඊට කෙළින් තිබුණ විලෝ ගහ ලගින් මෑත් උන කළු ලෝගුකාරයා ලඟ. ඒ මනුස්සයා දැක්ක ගමන් එක්වරම තමන්ගෙ ඔළුව ඇතුළෙන් ලොකූ පීඩනයක් ජිමින්ට දැණුනා. ජිමින් අත් දෙකින්ම තමන්ගෙ ඔලුව බදාගත්තේ සිහින් කෙදිරියක් නංවන ගමන්.
ŞİMDİ OKUDUĞUN
THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Kurt Adamwhat is our fate??? death or life??? love or hatered... the creator will decide it..