කවුන්ට් ඩ්‍රැකියුලා මන්දිරය.......
කවුන්ට් නම්ජූන් තමන්ගෙ මාලිගාවෙ ජිමින් නැතුව පාලුවට ගිහින් තිබ්බ ජිමින්ගෙ කාමරේට වෙලා තමන්ගෙත් ජිමින්ගෙත් අතීත මතක ආවර්ජනය කරන්න පටන් ගත්තා. ටික ටික ඒ මතක වල ගිලෙනකොට ජිමින් ගැන අනුකම්පාවක් වගේම ලොකු ආදරයකුත් නම්ජූන්ට දැණුනා. පුන්චි කාලෙ මොකක් හරි දේකට හිත රිදුනාම ජිමින් කාමරේට දුවගෙන ඇවිත් මුල්ලකට වෙලා හොදටම අඩනවා. ඒ වෙලාවට නම්ජූන්ගෙ උරහිස තමයි ජිමින්ට තිබ්බ සැනසීම. මොනවා නැතත් තමන් ලග අයියා ඉන්නවා කියලා ජිමින්ගෙ හිතේ විශ්වාසයක් ඇති කරවන්න නම්ජූන්ට පුලුවන් උනා. ජිමින් පහුගිය ටිකේම මාලිගාවෙ හිටියේ කලකිරීමෙන් වගේම ලොකු පීඩනයකින්.. ජිමින්ව බුසාන් යවන්න ගත්ත තීරණය ගැන නම්ජූන් පසුතැවුනෙ නෑ... ඒ වගේම පසුතැවෙන්න වෙයි කියලා හිතුවෙත් නෑ.. තමන් සහෝදරයා වෙනුවෙන් ගත්තෙ හරිම තීරණේ කියලයි නම්ජූන් හිතාගෙන හිටියේ....
ඔව්.....
සමහරවිට ඒක එහෙම වෙන්නත් ඕනනෙ......
"කොහෙ හිටියත් සතුටින් ඉන්න ජිමින්"
නම්ජූන් එහෙම හිතලා ජිමින්ගෙ කාමරේ දොර වහගෙන එලියට ආවා..
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
මුලු ඇගම තුවාලයක් වගේ රිදෙනවා. අතපය හොල්ලන්නවත් බෑ වගේ... හරියට නිකන් පොල්ලකින් තලලා දාලා වගේ ඇගට දැනුන වේදනාවත් එක්කම ජිමින් ඇස් යාන්තම් ඇරියෙ හරිම අමාරුවෙන්.
"අ..... අහ්....."
වේදනාව නිසා ජිමින්ගෙ කටින් සියුම් කෙදිරියක් පිට උනා..
"ඔයාට දැන් හොදයිද????"
ජිමින් ලගට ආව කෙනෙක් ජිමින්ගෙ ඔලුව සිනිදුවට අතගාලා කරුණාවන්ත විදියට එහෙම ඇහුවා.. ජිමින් ඇස් හීනි කරලා අමාරුවෙන් එයා දිහා බැලුවා.. සුදු පාට හම,පිරුණු තොල්,කරුණාවන්ත ඇස් වගේම ලස්සන හිනාවකුත් එයාට තිබ්බා...
"හ්ම්........"
ජිමින් එහෙම කියලා ඔලුව වැනුවා....
ජන්කුක් ජිමින්ට කරදර කරලා අත ඇරලා දාලා ගිය වෙලාවෙ ජිමින්ව එක්කගෙන ආවෙ මෙයාලා.. ඒ වෙන කවුරුවත් නෙවෙයි.. හෝප් සහ ජින්.. එදා ජිමින් අන්ධකාර වනාන්තරය ඇතුලෙ අතරමන් උන වෙලාවෙ හෝප් ජිමින්ව බේරගන එයාලගෙ ගෙදරට එක්කන් ගිහින් සුගා එක්ක ජිමින්ව සනීප කලා.. එදා වගේම අදත් හෝප් ට ජිමින්ව බේරගන්න පුලුවන් උනේ එක හේතුවක් නිසා..
ESTÁS LEYENDO
THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Hombres Lobowhat is our fate??? death or life??? love or hatered... the creator will decide it..