ᎷᎽ ᏴᎬᎪႮͲᎽ

596 142 119
                                    

සීත සෘතු නිවාඩුවට පෙර......

අන්ධකාර වනාන්තරය ... 

" උතුමාණෙනි දැන් ඉස්සරහට මොකක්ද මම කරන්න ඕනෙ... " 

මායාකාරයා ලග හිටගන හිටිය ලිතුර් යටහත් පහත් විදියට මිමිණුවා . මායාකාරයා හයියෙන් හිනා උනා. එයාගෙ හිතේ අදහසක් තියනව වගේ....

" දැන් තමයි නියම වෙලාව බෝම්බෙ පුපුරවන්න... තවත් කල් ඉවසන්න බෑ. මට කරපු දේවල් වලට මන් ඔය සනුහරෙන්ම පලි ගන්නවා.... ටේමින්ට හැමදේම කියලා ඌව වෛරෙන් පුරවන්න මුලින්ම....ඌ අපේ හොදම ඉත්තා.. ඌ දන්නෑ ඌත් මැරෙන්නයි යන්නෙ කියලා.. මුලින්ම ටේමින්ට අර වෘකයා ජිමින් එක්ක නටපු නාඩගම් ටික කියපන්.. ඉතුරු ටික මන් බලාගන්නම්...  "

එහෙම කිව්ව මායාකාරයා තමන්ගෙ අතේ තිබුණු හැරමිටියක් වගේ අමුතු පොල්ලෙන් බිමට තට්ටු කරලා හයියෙන් හිනාවුනා. ඒ වියරු හිනාවට බයේ වනාන්තරයේ උස තුරු මුදුන් වල වහලා හිටපු කුරුල්ලෝ තුරු හිස් අතෑරල ඈතට පියෑඹුවා. මායාකාරයගෙ හැරමිටියේ තට්ටුවෙන් ලිතූර් නැවතත් අර මනුස්ස ස්වරූපෙට හැරුණා. 

" හ්ම්... දැන් පලයන් ඉතින්..." 

මායාකාරයා අණ දුන්නා. 

           ***************************

ටේමින්ගේ නිවස.......

දිගින් දිගටම කෑ මොර දෙන දොරේ බෙල් එකේ සද්දෙන්ම ඇවිත් තියෙන්නෙ කව්ද කියල තේරුම් ගන්න ටේමින්ට අමාරු උනේ නෑ.. 

ලී ....

ටේමින් තමන්ගෙ මුව දෙපස තිබ්බ රුධිරය පිහින ගමන් දොර දිහාට ඇදුණා. 

" සුබ උදෑසනක් ටේමින් මහත්තයා " 

ලී එහෙම කියාගෙන ගෙට ආවෙ නහයත් උඩට ඇද ඇද ඉව අල්ලන ගමන්. සමහරවිට නැවුම් ලේ වල සුවද දැනිලා වෙන්න ඕන. 

" මොකද්ද මේ අමුතු ගද?" 

ලී නහයත් අකුලුවන් ඇහුවා. 

" මගෙ කෑම වෙලාව..." 

ටේමින් කෙටියෙන් උත්තර දුන්නා. ලී කට කොනින් හිනාවෙලා අර කුෂන් පුටුවෙන් පුරුදු විදියටම වාඩි උනා. ඊටපස්සෙ ඔහු ටේමින් දිහා අමුතු හිනාවක් එක්ක බැලුවේ ටේමින්ගෙ කුතුහලය තරමක් අවුස්සමින්. ටේමින් ඇත්තටම තම ඉස්සරහ ඉන්න විරූපී කුරුමිට්ටා දිහා බලාගෙන උන්නෙ කුතුහලයෙන් තමයි. මොකද ඒ හිනාව ඇතුලෙ හැංගුණ මොකක් හරි ලොකු කතාවත් තියෙනව  කියලා ටේමින්ට තේරුණා. 

THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now