"ඔන්න ඔයාගෙ ඩ්රයිවර් ඔයා ළඟට ආව"තාමත් මගේ අතත් එක්ක බයික් එක අල්ලන් ඉන්න හාවගෙ මූණට එබිලා මං කීවා..
"චූටි බේබි නගිනවද ඉතින්.. "මේකා තාමත් බනී දත් දෙක පෙන්නන් විරිත්තන් ඉන්නෙ අද යන්න ඕන නෑ වගේ..
හරිනෙ මේ බලන් ඉන්නෙ මම හෙල්මට් එක දානකම් වෙන්නැති.හයියෝ ඉතින් මේ වගේ බබෙක්.මං ඉස්සරහ ලොක් කරල තිබ්බ අනිත් හෙල්මට් එක ගලවල එයා අතට දුන්නෙ මොකද එයා කරන්නෙ බලන්න..
එක පාර මූණෙ ලයිට් ගියා. හිනාවෙවී හිටි මෝඩ හාව ඔරවගෙන හෙල්මට් එක ඔලුවෙ දාගත්තා..ඇත්තටම ඒක හෙල්මට් එක ඔලුවෙ දාගත්තද නැත්නම් ඔලුව ඒකට ඔබාගත්තද අනේ මන්දා... දැන් අපේ පුංචි වීරයා ඒකෙ බෙල්ට් එක ලොක් කරගන්න දඟලන දැඟලිල්ල මං බලන් ඉදිය අත් දෙකත් බැඳගෙන..
අන්තිමේ ලොක් එක දාගන්න බැරි තැන වැඩේ අතෑරල දාපු පණ්ඩිත හාව එහෙමම බයික් එකට නගින්න ආව..මම් එයාගෙ අතින් අල්ලල ඇදල ගත්තා ළඟට..
බෝධී..
" අයියෝ ඉතින්, පරිණත වෙන්න හැදුවට වෙන්නම බෑනෙ මේ බේබි බෝයිට.. මේ අලි කොල්ලෙක්ගෙ හෙල්මට් එක දාන්නත් වුනානෙ මහ දවල් පාරෙ මැද්දෙ.."මං ඉතින් බොරුවට බැන බැන ශේප් එකේ මූණත් අතගාගෙන ලොක් එක දැම්මා.. හා කොල්ලා මුණ රතු කරන්..රෝස පාට හූඩි එකේ පාටමයි මූණත් දැන්..
මූණ බෙරි කරන් කතාවක් නැතිව බයික් එකට නැග්ගමනම් මට දුක හිතුනා. මං ඕනකමින්නෙ එයා අපහසුතාවයට ලක් කලේ.. මගේ උරහිසේ එල්ලිලා ඉන්න අහිංසක විදිය.පවු.. මං මගේ උරහිසේ තිබ්බ ඒ අත උඩින් අත තියල
"හයියෙන් අල්ලගන්න බනී" කියල හිමීට අත පිරිමැදගෙනම අත ගත්ත. සයිඩ් කණ්නාඩියෙන් මං දැක්ක මූණෙ හිනාවක් ඇඳෙනව.. ❤️💚
YOU ARE READING
Forever Love
FanfictionYIZHAN & ZHANYI FAN FICTION හැන්දෑවෙ දම් පාට බටහිර අහසෙ රත්තරන් පාට ඉර බැහගෙන යන වෙලාවෙ ඒ ඉරේ පාටයි අහසෙ දම් පාටයි එකතු වෙලා ආව දීප්තිමත් එළිය ඔයාගෙ මූණට වැටිල තියෙද්දි මහන්සි වුණත් හුරතල් හිනාවකින් මූණ පුරෝගෙන හෑන්ඩ්ෆ්රී එකත් කණේ ගහගෙන ජොගින් යන ව...