50 - 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝗧𝗵𝗲 𝗦𝗰𝗲𝗻𝗲𝘀

219 50 45
                                    

අපි පාවෙන ලෝකේ....
ඇවිඳින චාරිකාවේ ....

මං හොඳට හරි බරි ගැහිලා එයාගෙ කර උඩට වෙලා හයියෙන් සිංදුවක් කීවා...

****

එයාගෙ කර උඩට වෙලා සැපට සෑහෙන දුර ආවත් මට සිද්ධ වුනා ඊළඟ අමාරුම ටික එයා උස්සන් යන්න...ඒත් අපි දෙන්නම මාරුවෙන් මාරුවට එහෙම උඩට නැග්ග මිසක් දෙන්න තනියෙන් ආයෙ ගියේ නෑ...

අන්තිමට අපි වීව් පොයින්ටෙකට ආවා.. මට වචනවලින් කියන්න බැහැ ඒ හැඟීම...බනී පිස්සෙක් වගේ හතර අතේ ෆොටෝ ගනිද්දි මම ලස්සනම තැන ලස්සනටම පේන තැනක වාඩි වුනා . වෙයිබො අප්ඩේට් එක දාල දැන් පැය 2කටත් වැඩි නිසා මම නිදහසේ ඒ පැත්තට ගියා..
මොකක් ඉස්සෙල්ලම ෆෙන්නුවෙ 𝙎𝙎 𝙎𝙏𝙐𝘿𝙄𝙊 එකෙන් තව අප්ඩේට් එකක් දාලා..ඒකෙ වීව්ස් සහ ශෙයාස් ප්‍රමාණය 2M ඉක්මවල තිබ්බෙ අප්ඩේට් කරල පැයක් නොගියත්..අපි දෙන්නගෙම එකවුන්ට් දෙක ටැග් කරල තිබ්බ නිසා මම විනාඩි 5ක් තිබුණ ඒ වීඩියෝ එක ප්ලේ කලා...vlog එකක් මොකට හදලද..මොනවයින් හදලද...මට තිබ්බෙ මාර ප්‍රශ්නයක්...

"මොකක්ද මනුස්සයො මෙතෙන්ට ආවෙ ෆෝන් ඔබ ඔබ ඉන්නද...එන්නකො ෆොටෝ එකක් ගන්න.." පිස්සෙක් වගේ ෆොටෝ ගගහ හිටිය බනී ඒ අස්සෙ එහෙම කියාගෙන ඇවිත් මගෙ බෙල්ලෙ එල්ලෙන ගමන් ෆෝන් එක උදුරන්න ගත්තා...

"අනේ හිටපම්කො බබා.මේ ss එකෙන් ආයෙ vlog එකක් දාලා..මොන කෙහෙල්මලක්ද කියල බලලම ඉමුකො" එහෙම කියන ගමන් මම එයාගෙන් ආපහු ෆෝන් එක අරගද්දි එයත් මගෙ කරේ එල්ලිගෙනම මගෙ අස්සෙන්ම වාඩිවෙලා ෆෝන් එකට එබුනා..

කලු පාට ස්ක්‍රීන් එකක කොන්වර්ශේශන් එකක් යනව වගේ ටයිප් වෙන අකුරු ටිකක් ඒකෙ ගියේ...
එක්කෙනෙක් බනී වෙනුවෙනුත් තව කෙනෙක් මම වෙනුවෙනුත් රණ්ඩුවෙන විදියට ඒක ගියේ...

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.
Forever LoveNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ