38- Mr. Jiang Fengmian - "Jiang Brothers Consultancy"

271 97 64
                                    


තවත් සිශෙන් ට කතා කරන්න ඉඩක් නොතියා බනීයි යෑන්ලි අක්කයි කදුළු පුරවන් බලන් ඉද්දි  මං මගේ අයියව බදා ගත්‍තා..හැම මොහෙතෙම මට එයා ළඟ දැනුන අපූරු ආරක්ෂාව ඒ විදියටම මට දැනෙද්දි මට තාත්ත ළඟින් ආවෙ නැති සැනසීමක් ඒ උණුසුමෙන් නොමසුරුව දැනුනා.

ඉතින් තවත් මම තනිවෙලානම් නෑ.. ඔවු එදා ඉදන් එයා මාව තනිකලේ නෑ..ඒ සහෝදරත්වය හැමදාමත් එයා මට දුන්නා.. මට එයා හමුවුන දවසෙ ඉදන් එයා මට හයියක් වුනා. මට අඳුරගන්න බැරුවුන මගේ සහෝදරයා..ඒත් එක්කම මට ආවෙ කේන්තියක්.. එයාව බඳාගෙන ඉදපු මං එක පාරටම එයාව අතෑරලා දඩෝං ගාල දුන්නා හොඳ ශොට් එකක් පිට මැද්දට. ඒ මදි දුන්නා පයිනුත් පාරක් කකුල නැවෙන්නම..
මං දැක්කා බනීගෙ ඇස් උඩ ගිහින් කෙල ගිලෙනවා.. යෑන්ලි අක්කා අතින් කට වහගත්තා...

කකුලට දුන්න පාර දරාගන්න බැරිව සිශෙන් දෙකට නැවෙද්දි මට හිතුනෙ අනිත් කකුලටත් පාරක් දෙන්න...

යක්ෂයා ආරූඪවෙලා මං බලන් ඉද්දි අසරණ සිශෙන් " ඇයි යකෝ දැන් මේ මට ගහන්නෙ" කියල මූණ බෙරි කරන් අහනකොට ඉතින් අනිත් කකුළට ගහන අදහස මං අතෑරියා..

"ඇයි, ඇයි මෙච්චරකල් මට නොකීවෙ... මාව මෙච්චරකල් මේ ලෝකෙ තනි කරේ ඇයි."හැම ප්‍රශ්නයක්ම මට දරාගන්න ඇරියෙ ඇයි..ඇයි මට තනියම හැදෙන්න ඇරියෙ..මගේ අයියා කියල දැනගත්ත දවසෙ ඇයි මගේ ළඟට ආවෙ නැත්තෙ.."එහෙම උනානම් දන්නවද මං කොච්චර සතුටෙන් ඉදීවිද කියල..."
මං එයාගෙ ශර්ට් එකෙන් අල්ලන් හොල්ලන ගමන් කෑගහල කියද්දි බනීගෙ හුස්ම ආයෙ හරියට වැටෙනව කියල මට තේරුණේ එයා ලොකු හුස්මක් හෙළල ඉනට අත තියාගෙන ඇස් දෙකත් නළලෙන් බිමට ගත්ත නිසා..

"කකුළ කැඩුනද මන්දා.. ඔය දැන් ඉන්න ඩීඩි ඉස්සරත් හිටියනම් මම මීට කළින් කියනවා මේ ගැන..ඒත් අඩුගානෙ දකින්නවත් කම්පැනියට ආවද මීට කලින්.. ඒ ඕන නෑ...මනුස්සයෙක් එක්ක හිනාවෙලා කතා කරල තියෙනවද ආ... මං ඔයාගෙ ගෙදර කොච්චර ඇවිත් තියේද ඒත් අඩුම මං කියල කෙනෙක් ඉන්නවා කියලවත් දැනන් ඉදියෙ නෑනේද කම්පැනි එකේ වැඩට එන්න කලින්.. "
සිශෙන් හිනාවෙවී කකුළ අත ගගා මගේ රෙදි ගලවන්න ගනිද්දි මම ආයෙ කට වහගත්තා.

Forever LoveDove le storie prendono vita. Scoprilo ora