අන්තිමේ මේ දවස් දෙකක් ඇතුලත වෙනස් වුන මගේ ජීවිතේ වාසනාවන්තම තවත් දවසක විශේෂම අවස්ථාවකට මුහුණ දෙන්න මම මගේ ලෝකේ, මගේ මුලු ජීවිතේම වුන රෝස මලත් බයික් එකේ දාගෙන මගේ ගෙදරට අරන් ගියා...
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹"අනේ බෝධී... මේ ඔයාලගෙ ගෙදරද? ගොඩක් ලොකුයිනෙ ඒක.. අනේ මට මෙහේ ඉන්න බයයි බෝධි.." බයික් එක ගේට් එකෙන් ඇතුලට දාද්දි බඩ මැදින් දාල තිබ්බ හා අත් දෙක උරහිසින් තියල උරහිස මිරිකලා බනී නාහෙන් අඬනවා..
මට ඒ අත් අල්ල ගන්න ඕන උනත් ගාර්ඩ්න් එක පුරා සීසිටීවි කැමර් තියෙන නිසා මම වචනයක් වත් නොකිය මගේ ගරාජ් එකටම ගියා.. ,වෙලාවට මේකට කැමර් නැත්තෙ.නැත්නම් බනියගෙ හෙල්මට් එක ගලවන එකත් ගාඩ්න් එකේ සිකියුරිටි ට පේන්න තමා කරන්න වෙන්නෙ..
බෝධි..මට මෙහෙ ඉන්න බෑ..ඔයාල ගොඩක් පෝසත්නෙ.. මෙච්චර ලොකු ගෙදරක ඉදන් ඔයා ඇයි බයික් එකක යන්නෙ බෝ.. බනී තාමත් නොසංසුන් හොඳටම..
"අනේ බනී, දැන් ඉතින් මේ ඔයාගෙ ගේ කියල ඔයා තේරුම් ගන්න.. මට මේක ලොකුයි කියලනම් තේරුන් නෑ ඉතින්.. මං ඉතින් දන්න දවසෙ ඉදන් ඉන්න ගේ නිසා.. මම ආසම වාහනේ බයික් එක.. ඉතින් මම ආස දේ එපයි බනී මම කරන්න.."
" එතකොට ඇයි බෝ අර "Wang Group" එකේ වාහන තියෙන්නෙ පහල නවත්තලා ..wang Tv එකෙත් වාහන තියෙනවා.."
"අහ් පොඩ්ඩක් ඉන්න... එකපාරටම බනී යමක් සිහිවෙලා වගේ කට වහගත්තා..ඇස් දෙකත් ලොකු කරන්.."කරන්න දෙයක් නෑනෙ..දැන් ඉතින් මේව හංගල වැඩක් නෑනෙ. ඔයා වුනත් ඔයාගෙ අනාගත බිස්නස් ගැන දැනගන්න ඕනනෙ..එයා මොනවද කියන්නෙ කියල මං බලාගෙන හිටිය.
"බෝ බෝ එතකොට එතකොට ඔයා වැන්ග් ඊබෝ නෙ..වැන්ග් ගෲප් එක ඔයාලගෙද බෝ බෝ" දෙයියනේ අහිංසක හාව දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ..
YOU ARE READING
Forever Love
FanfictionYIZHAN & ZHANYI FAN FICTION හැන්දෑවෙ දම් පාට බටහිර අහසෙ රත්තරන් පාට ඉර බැහගෙන යන වෙලාවෙ ඒ ඉරේ පාටයි අහසෙ දම් පාටයි එකතු වෙලා ආව දීප්තිමත් එළිය ඔයාගෙ මූණට වැටිල තියෙද්දි මහන්සි වුණත් හුරතල් හිනාවකින් මූණ පුරෝගෙන හෑන්ඩ්ෆ්රී එකත් කණේ ගහගෙන ජොගින් යන ව...