බඩ දිගට කිතියක් එක්ක දැනුන සිනිඳු ස්පර්ශයක් එක්ක මට එක පාර ඇහරුනා.. ඉන්නෙ කොහෙද හීනයක් දකිනවද කියල හිතාගන්නවත් බැරි ඉක්මණට මට මගේ කණ ළඟින් සුසුමක් එක්ක කටහඬක් ඇහුනා.. ඒ සංගීතයක් වගේ කට හඬ..ආයෙ මම ඇස් පියාගෙන ඇහරෙන හැම මොහොතකම මට ඇහෙන්න ඕන කටහඬ වෙන්න ඕනම බවට මම එවෙලෙම සපථ කර ගත්තා..
"බෝ පැට්ටා.. ඇතිනෙ දැන් නිදිය ගත්තා..කන්න නැඟිටින්නකෝ.." එයා මගේ කණ් පෙත්තට යාන්තමට සිපුමක් තියල අර දිග ඇඟිලි තුඩු මගේ බඩ දිගේ ඉහල පහල යවන එකත් නොනවත්වාම කරන ගමන් හිමීට කතා කලේ හරියට තව කාටවත් ඇහෙයි කියලා වගේ..ඉතින් මේ කෝලම් එක්ක නැගිටින්නෙ මම විතරක් නෙවේනෙ. තේරෙන්නෙ නැද්ද මන්දා ඔහොම කරද්දි තව අය නැඟිටිනවා කියල..
එයා හිටියෙ ඇද ළඟ බිම වාඩිවෙලා..මම එහෙම්ම ඒ කිහිලි අතරින් අත් දෙක දාල එයාව මගෙ ළඟට ඇදල ගන්න ගමන් එයාව බදාගත්තා..එයා මගේ ඇඟ උඩටම ඇදිල ආවෙ ඇදෙත් වැදිලා හැබැයි..
"ආශ්.. බෝ මොකද අප්පා..රිදුනනෙ මට..මම මේ හරි හිමීට ආදරෙන් ඔයා ඇහරෙවුවම මෙහෙමද මට සලකන්නෙ.." මූණ සත පහ වගේ කරගෙන තොලත් පෙරලන් නෝක්කාඩු කියන කෝලම දැක්කම පවුත් හිතුන ඉතින් මට.."ඉතින් බේබි, ඔයා මාව විතරක් නෙවෙනෙ ඇහරෙවුවෙ..පාඩුවෙ නිදන් උන්න අයවත් ඇහරවනවනෙ එහෙන් මෙහෙන් අත පත ගාල..මම එහෙම කියල එයාගෙ යටි කය මගේ යටි කයට තද කර ගන්න ගමන් කකුළ් දෙක පටලව ගත්තා.. ඊට පස්සෙයි මෝඩයට තෙරුනෙ කරපු ගොන් කම..
"අපෝ බෝධී ඔයාව අල්ලන්නවත් බෑ ඇවිස්සෙනවනෙ දැන්.."
"මොනා වෙලාද ආ..මේ ආපෝ... මේ..." කුණු බනියත් අතාරින්නෑ ශේප් එකෙන් කකුලෙන් මගේ යටිකය ස්පර්ශ කරන ගමන් මාව බයිට් එකට ගත්තා...
"නිරෝගී ඇඟවල් එහෙම තමා හරිද..හැබැයි බනී ඔයාටනම් නැගිටින්න බැරිවෙන්න පනිශ්මන්ට් එකක් දෙනවා තවත් කියවන්න ආවොත් හරිද" මම එයාව තවත් මිරිකගන්න ගමන් එයාගෙ තොල රිදෙන්න නොරිදෙන්න හපල කීව.."බෑ බෑ බෝධී..ඒව රෑට ආයෙ.. කෝ එන්න දැන් කන්න ඕනි අපි.."නසරානි බනිය එහෙම කියල එක පාර මගේ ළඟින් නැගිට්ටේ ආයෙම වතාවක් මගේ යටි කය මිරිකගෙන.. ඇත්තටම ඒකට මට රිදුන විතරක් නෙවේ මගේ යන්තම් මෝදුවෙවී ආව හැඟීම් ටිකත් ලත් තැනම ලොප් වුනා..
YOU ARE READING
Forever Love
FanfictionYIZHAN & ZHANYI FAN FICTION හැන්දෑවෙ දම් පාට බටහිර අහසෙ රත්තරන් පාට ඉර බැහගෙන යන වෙලාවෙ ඒ ඉරේ පාටයි අහසෙ දම් පාටයි එකතු වෙලා ආව දීප්තිමත් එළිය ඔයාගෙ මූණට වැටිල තියෙද්දි මහන්සි වුණත් හුරතල් හිනාවකින් මූණ පුරෝගෙන හෑන්ඩ්ෆ්රී එකත් කණේ ගහගෙන ජොගින් යන ව...