වෙනද ට වඩා වෙනස් සද්දබද්ද කුස්සියෙන් ටිකක් අඩුවෙන් ඇහෙද්දි ඇහරුණාමයි මට මතක් වුනේ අද නිදාගන්නෙ එළියෙ කාමරේනෙ කියල..කුස්සියෙ සද්ද ඒ තරම් ලොකුවට මෙහෙට නෑහුනත් මගේ වටේ කොට්ට තියල ඇඳෙන් බැහල ගිහින් තියෙන සුදු හාව මේ වෙද්දි වලං නම් සෑහෙන්න පොළාවෙ ගහනවා ඇති..පස්ස පැත්තට එළිය වැටෙන්නම ඉර පායලා තිබ්බ නිසා මම හිමීට ශෝට් එකට ටී ශර්ට් එකක් දාගෙන කුස්සිය පැත්තට ආවා..
අපොයි...මෙතනනෙ වැඩේ..අලි මදිවට හරක් කියල අද එකා වෙනුවට තුන්දෙනෙක් කුස්සියෙ...
මගෙ එකා පිටි මෝලියක් එක්ක ඔට්ටු වෙද්දි අනිත් එකා බිත්තර බීට් කරනවා.. එතකොට සිශෙන් ගෙ අම්මා.. ඔවු ඔවු එයාගෙ තමා..මීට පැය කීපෙකට කලින් මගේ වෙලා හිටපු දැන් සිශෙන් ගෙ වුන ක්රිස්ටියන් මැතිණිය ඒ දෙන්නගෙ කෝලම් වලට කැකිරි පල පල පැන්ට්රියෙ වාඩිවෙලා ඉන්නවා.
මගෙ මග් එකේ කිරි එක දාල වහල තියෙන බව දන්න නිසා මම කෙලින්ම ගිහින් කිරි අතට ගත්තා.
ගස්සගෙන කටත් ඇද කරන් ගිහින් කුස්සියෙ මේසෙන් වාඩිවුනේ මේ ගෙදර එකම අමුත්ත මං වෙලා තිබ්බ නිසා... බනීටත් මට වඩා මේ දෙන්නව ලොකු වෙලා තියෙද්දි මට ලාවට දුකකුත් නොදැනුනා නෙවෙයි. මම් සද්ද නැතිව වාඩිවෙලා ෆෝන් එක ඔබන්න ගත්තා..අඳුරන තුන්දෙනෙක් මැද තනිකමක් මට දැනුනා..
ඒත් ඉතින් ඒ තනිකම මගේ හිතළුවක් විතරයි කියල මට තේරුනේ පූස් පැටියෙක් වගේ මගේ අස්සට එන මගේ උස හාව දැක්කම.. පිටි අන අන හිටපු බෝල් එකත් උස්සන් ඇවිත් මං වාඩිවෙලා හිටිය තැනින් තියල හිමීට මට ජැක් එක ගහන් මූණ සත පහ කරන් එයා මගේ කණට කොඳුරන්න ගත්තා....
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/280759963-288-k455593.jpg)
YOU ARE READING
Forever Love
FanfictionYIZHAN & ZHANYI FAN FICTION හැන්දෑවෙ දම් පාට බටහිර අහසෙ රත්තරන් පාට ඉර බැහගෙන යන වෙලාවෙ ඒ ඉරේ පාටයි අහසෙ දම් පාටයි එකතු වෙලා ආව දීප්තිමත් එළිය ඔයාගෙ මූණට වැටිල තියෙද්දි මහන්සි වුණත් හුරතල් හිනාවකින් මූණ පුරෝගෙන හෑන්ඩ්ෆ්රී එකත් කණේ ගහගෙන ජොගින් යන ව...