47 - I hate Cats 🐱

290 78 124
                                    

තාත්තගෙ පුහු තර්ජනෙන් පස්සෙ මම ඇතිවුන කේන්තිය එහෙමම යටපත් කරන් එලියට ගියා.. මට ඕන වුනේ කෝල් එකක් ගන්න.. උඩට ගිහින් ගන්න බෑ මේ දේවල් මගෙ කොල්ල දැනගන්න ඕන නැති නිසා..

මම එහෙම්ම කාරෙකටම ගිහින් සීට් එක කඩල හාන්සි වුනා..

"යීබෝ කියපම්.. රින්ග්ස් දෙපාරක් යද්දි ආන්සර් කරපු යුචෙන් කියද්දි මම එයාගෙන් ඇහුවෙ අර මනුස්සයට මොකක්ද කලේ කියල.."

"කවුද යීබෝ" මෙලෝ මලදානයක් මතක නැති එකෙක් වගේ යුචෙන් කියවද්දි මම තාත්ත කියපු දේවල් ඔක්කොම කියල දැම්මා..

"මම කියන දේවල් හිනා වෙවී අහන් ඉදිය යුචෙන් කීවෙ එක දෙයයි..

යීබෝ... මේ හැරන් වැන්ග් ගෙ කාලෙ නෙවේ.. මේ යුචෙන් ල යීබෝලා ගෙ කාලෙ.. මිස්ටර් හැරන් හිතන් ඉන්නෙ තාමත් එයා ගෙවපු 70,80 දශකෙ කිය්ලනම්...එයා හිතන් ඉන්න දේවල් කරන්න පුලුවන් ..හෙට උදේ ඇවිත් මාව හම්බෙයන්කො.. මට තියෙනව දේවල් ටිකක් පෙන්නන්නත්.. අපි එක්ක එකතුවුන උඹලගෙ ගමන වට්ටන්න දෙන්නෙ නෑ අපි..

"කිසි දෙයක් වෙන්නෙ නැ..වෙන්නෙ අපි හිතනවටත් වඩා හොඳ දෙයක්..යූ හැව් ටු බිලීව් මී.."

කෙනෙක්ට තව කෙනෙක්ගෙ කැඩුන හිතක් හදන්න කොච්චර හැකියාවක් තියෙද..යුචෙන් සිචෙන් කියන්නෙම ඒ ජාතියෙ මිනිස්සු... ඇත්තටම ඒ වගෙ මිනිස්සු මගෙ ජීවිතේ නොහිටියානම් කඩා වැටෙන විදියට මාව මේ වෙද්දි ඉන්නෝන මානසික රෝහලක.. ඉතින් අච්චර අවුල් වෙලා ගියපු මගේ හිත යුචෙන් හදල දාද්දි ආයෙමත් පාරක් මම හෑන්ඩ් ෆ්‍රී එක් ගහගෙන ස්පොට්ලයිට් ඇහුවා. සිංදුව ඉවර වෙන්න කලින් මගේ දැහන බිඳුනෙ කෝල් එකක් ඇවිත් සිංදුව නතර වුන නිසා..

මගෙ සුදු හාවට මම නැති විනාඩි 5ත් කල්පයක් වගේ වෙලා තිබ්බ නිසා උඩට එන්න කියල කෝල් කරල මැරෙන්න හදන නිසා මම උඩට යන්න පඬිපෙල් නැග්ගා.. ඉස්සර තාත්තට බයේ මම හොරෙන් පඬ්පෙල නැඟපු හැටි මතක් වෙලා කට කොණකින් හිනාවක් ගියත් ඒ අතීතය ගෙවිල ගියපු සුන්දර හීනයක් විතරයි කියල දැනෙද්දි මගේ පපුවට උල් තුඩකින් අනින්න වගේ වේදනාවක් දැනුනා..ආයෙ කවදාවත් මම ගරු කරපු, මම බය වුන මහා වෘක්ෂයක් වගේ මට සෙවණක් දුන්න මගේ තාත්තා කියන චරිතය මට හම්බවෙන්නෙ නෑ... මගේ ඒ තාත්තා මැරුණ පුද්ගලයෙක් වෙලා ඉවරයි .දැන් එයා වැන්ග් ගෲප් එකේ අයිතිකාරයා විදියට මිසක් තාත්තෙක් විදියට මට පෙනෙන්නෙම නෑ.. සමහරවිට ඒක මගෙ වැරද්දක් වෙන්න ඇති.. තාත්තෙක් විදියට තමන්ගෙ පුතා ගැන එයා තියන් ඉදපු බලාපොරොත්තු මම බිඳල දාපු වේදනාව එයාට ඇති.. ඒ දුක තේරුම් ගන්නනම් මාත් කවදහරි එයාගෙ තැනට පත් වෙන්න වෙයි..ආදරේ ගැන ඔය තියෙන පරණ හනමිටි අදහස් එයාගෙ විතරක් නෙවෙයි මේ ලෝකෙ 90%ක් විතරම මිනිස්සුන්ගෙ ඔලු පිරිල තියෙන්නෙ එකම රාමුවකට කොටු වුන ඔය වගේ විකාර ගොඩවල් වලින් තමා...

Forever LoveWo Geschichten leben. Entdecke jetzt