I Owe You
.
.
.
.
.
.
චාන් යීබෝව පරිස්සමෙන් බාත් ටබ් එකේ තියලා පිජාමා එකේ බොත්තම් ගලවන්න උදව් කලා..යීබෝ නුහුරු අතින් බොත්තන් එකින් එක අතර තම ඇගිලි නැවැත්වූවද ඇස් තිබුනේ චාන්ගේ දෑස් මතයි.. චාන් යීබෝගේ බොත්තම් මත දෑස් රදවා ගැනීම හිතාමතාම මග අරින බවක් යීබෝට දැනුනු අතර කට කොනින් නැගුනු සිනහව මොහොතකින් මුහුණ පුරාම ඇදුනි ..ඒත් එක්කම යීබෝ ,
"ආව්............!!!
චාන් එකවරම කලබල විණි..
"මොකද වුනේ.. ?
" කොහෙද මට උදව් කරන්න ඇවිත් අහක බලාගෙන ඉන්නවනේ එක්කෙනෙක්....
" හපෝ හරි හරි.. මම හිතුවේ ඔයාට තනියෙන් පුළුවන් නිසා මට කිව්වේ නෑ කියලා...
චාන් යීබෝගේ බොත්තම් අතර තම ඇගිලි තැබා යීබෝගේ මුහුණ දෙස බැලීය...
යීබෝ සිනා සී තමාගේ ඉරියව් නිරීක්ෂණය කරන බව චාන්ට වැටහිණි...
" මොකද බලන් ඉන්නේ...?
චාන් බොත්තම් මත තම ඇස් රදව ගත්තේ යීබෝගේ බැල්ම චාන්ට අපහසු වූ නිසාය....
අහම්බෙන් වගේ චාන්ගේ ඇගිල්ලක් යීබෝගේ නිරුවත් පපුව මත ගෑවුනු අතර යීබෝ එකවරම ගැස්ස්නී...චාන්ගේ ඇගිල්ලට දැනුනු ස්පර්ශය මත ද චාන් මදක් ගැස්සුනු අතර චාන් විදුලි වේගයෙන් නැගිට්ටේය....
"අහ්ම්... අහ්ම්.. යීබෝ නැති කැස්සක් මවා ගන්නට වූ අතර චාන් නැගිට්ට පාර ඇරලා තිබ්බ දොරේ ගිහින් ඔලුව වැදුණි...
" අහ්.....ව්......
යීබෝ හයියෙන් හිනා වුනේය ....
චාන්ට වුනු ලැජ්ජාවට එතනම වලක් හාරගෙන හැංගෙන්නට සිතුනි..." මොකද මෝඩයෝ හිනා වෙන්නේ ....???
" හිතෙන සේරම මම කියන්න ඕනි ද....???
යීබෝ සරාගී බැල්මක් චාන් වෙත පාමින් පැවසුවේය....
චාන්ගේ කන් දෙකත් සමග මුහුණ ද රතු විය..
" නවත්ත ගන්න කෝලම්...
"ගගා ඔය මට උදව් කරන හැටිද අහ්......
මේ මේ මගේ අතත් රිදෙනවා දැන්.. මේක ගලවන්නකෝ....
YOU ARE READING
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfiction🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗