I Owe You..........
.
.
.
.
.
.
ඉතින් ඔයා දකින වාරයක් ගානේ මම ඔයා නිසා සැනසුනත් ඔයා මට මල්ලිට වගේ සලකන වාරයක් ගානේ මාව පිච්චුනා ගගා....
දන්නවද මම එදා බිල්ඩින් එකෙන් පැන්නේ ඔයා වෙන්ෂි එක්ක ඉන්නවා මට දරාගන්න බැරි වුනු නිසයි.. ඔයාට තිබුණා එයාට කැමති නෑ කියලවත් අගවන්න. ඒත් ඔයා එහෙම කරේ නෑ.. එයා තවත් ඔයාට ලං වෙනකන් ඔයා බලාගෙන ඔහේ හිටියා.. මම එදා කොයිතරම් පිච්චුනද කියලා දන්නේ මගේ පපුව විතරයි..
ඒත් මම ඒ හැමදේම ඉවසුවා.
ඔයාගේ තීරණවලට ඉඩ දුන්නා...
ඒත් මගේ අන්තිම හැගීමත් ඔයා කෑලිවලට කඩලා දැම්මේ මං කිසිම වරදක් නොකර..
ඔයාව වෙන්ෂි එක්ක දැක්කම මට දැනුනු හැගීමට ඔයාට හිතාගන්න පුළුවන් ද ගගා...
තවත් මට මේක ඉවසන්න බෑ.... මට මහන්සී ගොඩක් ...
ඔයා ලග ඉද්දීත් ඔයා මට විදවන්න දෙනවා...
ඒ නිසා මම යනවා... යන්නම යනවා.. අයේ මම චීනෙට එන්නේ නෑ.. ඔයාගෙ මූන බලන්න එන්නේ නෑ ගගා මං.. මොකද මට විදවන්න බෑ.. මට බලන් ඉන්න බෑ තවත් ඔයා මාව ඔයාගේ මල්ලි කරනවා.
ඒ නිසා මම මගේ ආදරේ හිතේම තියාගෙන යන්න යනවා....
ඔයා සීයා පපා එක්ක හොදින් ඉන්න. Exam එක හොදට කරගන්න....
පරිස්සමෙන් ඉන්න. හොද කෙනෙක් හොයාගන්න.. ඔයාගේ ඩී ආයේ ඔයාට වදයක් වෙන්න එන්නේ නෑ...
අන්තිමට මට කියන්න තියෙන්නේ මං ඔයාට ආදරෙයි ගොඩක් .. ඒත් මම් ඒක කරන්නෑ තවත් මම මගේ හිත හදාගන්නවා..Bye.....
ඔයාගේ di di.....චාන්ගේ ඇගිලි ගැහෙන්නට පටන් ගත් අතර දෑසින් නොනවත්වා වැටෙන කදුළු තවත් අලුත් විය...
චාන් එතනම බිමින් වාඩි වුණි... ලියුම පසෙකින් තබා. Pouch එක මත දොගෑදුණි...." හ්ම්ම්ම්ම්.... ඇයි ඩී මගෙන් අහන්නෙවත් නැතුව මේ වගේ තීරණයක් ගත්තේ....ඔයාට මගේ ආදරේ දැනුනේ එහෙනම් මේ විදියට ද.....? ඔයා තනියෙන් හිතලා තනියෙන් තීරණ අරන්. මම ඔයාට මල්ලිට වගේ සැලකුවා ආදරේ කරා තමයි. ඒත් ඔයා තාම පොඩී . මං කොහොමද එහෙම ඔයා එක්ක සම්බන්ධයක් අරන් යන්නේ...
අනික මමාලා පපාලා සීයා උනත් අපේ බැදිම වෙනස් විදියට දකී ද...ඒක පිළිගනී ද... ඇයි ඔයා මෙහෙම තනි තීරණයක් ගත්තේ... ඇත්ත මම සමහර තැන්වල වැරදී කියලා මම පිළිගන්නවා. ඒත් මටත් නොකියා දාලා යන්න තරම් නපුරු දඩුවමක් තවත් තියනවද ඩී... කමක් නෑ.. මම ඉක්මනින් එන්නම්....
ESTÁS LEYENDO
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfic🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗