33- Capture ( නුඹ මගේ ) 🥀💥

954 266 57
                                    

I Owe You.......
.
.
.
.
.
.
ජාන්ගේ කෑගැසීමට යීබෝ ප්‍රථම වතාවට චකිතයට පත් වීය...
පසුව ජාන් යීබෝ පසුකර යන්නට ගියේය...
යීබෝ ජාන් සමග නැවත තම පන්තිය වෙතට ගියේය ...
එදිනට පසුව යීබෝ ජාන්ගේ පසුපස ම වැඩි වේලා රැදෙන්නට වූ අතර ජාන්ට නොදැනී ජාන් පසුපස ද යන්නට පටන් ගත්තේය .
මෙලෙසට සතියක් පුරා යීබෝ ජාන් පසුපස යන්නට වූ අතර දිනක් සියල්ල වෙනස් කිරීමට සමත් වීය...

එදින සුපුරුදු පරිදි දේශන අවසන්ව යීබෝ වෙන්ව ද දමා ජාන් පසුපස යන්නට විය...
බසයෙන් බැස පටු පාරක් දිගේ ජාන් සෙමින් සෙමින් යන්නට වූ අතර යීබෝ ජාන්ට වඩා මීටර් 5ක් විතර ඈතින් බිත්ති අතර පදුරු අතර සැගවෙමින් යන්නට වීය...

එහෙත් මද දුරක් ගොස් එකවර ජාන් නැවතුනේය..
යීබෝ සැගවී තවමත් බලා සිටින්නට විය....
ජාන් එකවර පසුපස හැරුණු අතර නපුරු බැල්මක් පාර පුරාවට හෙලුවේය..

" එනවා යීබෝ එලියට..........!!!!! සතියක් තිස්සේ ඇවිල්ලත් ඇති වීමක් නැද්ද....????? ජාන් යීබෝ සැගව සිටි පදුර දෙස බැලුවේය....

"හුටා ....මාට්ටු ද මාව.. ශික්.. සවලක් නැද්ද දෙයියනේ වලක් කපන් වැලලෙන්න... මීට වඩා හොදයි ‍රෙදි නැතුව ගම හරහා දුවනවා..."""
යීබෝ පසුපස ගෑවී තිබූ වැලි අතින් පිස දම්මින් සෙමින් නැගිට්ටේය... සෙමින් නැගිට්ට යීබෝ ලැජ්ජාවට මූන රතු කරගෙන සිටි අතර කන , කොණ්ඩය අතගාමින් පසුපස ද බලන්නට වීය. ලැජ්ජාවට මවා ගත් හිනාවක් ද ඒ මුහුණේ වීය...

" මෙහෙට එනවා....මෝඩයා..... ජාන් කට කොනින් සිනාසුනු යීබෝගේ කනකින් අල්ලා ගත්තේය...

"ආයියා.........ආව්...........කන කන කන කන ........ආ.........රිදෙනවා ............ජාන් අතාරින්නකෝ... ඕකේ ප්ලීස්.... යීබෝ පපී දෙකක් මවා ගන්නට විය...

එවිට ජාන් යීබෝගේ කන නිදහස් කර ඉස්සර වී යන්නට ගියේය....
යීබෝ ඉක්මනින් ජාන් පසුපස දිව්වේය...

"එකට යමුකෝ මැණික....

පසුපස බැලූ ජාන් යීබෝට පිච්චීයන බැල්මක් හෙලුවේය...

"මොකද අනේ....???? ඔහොම බලන්නේ ආදරෙන් ටිකක් බැලුවනම් මූන ගෙවෙනව ද...??

ජාන් නැවතත් රවන්නට විය...

" පිස්සු....විකාර...!!!!! මං යනවා...

I Owe You (Yizhanff✔️🔚)sinhala. Where stories live. Discover now