I Owe You.......
චාන් Taxi එකේ දීත් යීබෝගේ photo එකින් එක බලමින් සිනා සී සිටියේය...
" මගේ ඩී... මං එනවා පන.."
චාන්ගේ හිත සතුටින් පිරී තිබුණු අතර යීබෝ ජපානයට ගිය පසු ගතවූ කාලය කල්පයක් සේ චාන්ට දැනුනි...එය මතක් වූ විට චාන් තවත් සුසුම් හෙළුවේය...
චාන් යීබෝ නැති කාලය පුරාවටම ගෙවූ ආකාරය ගැන චාන්ටම සිතාගත නොහැකිය....
උදේ නැගිට්ට පසු චාන් කෙලින්ම ගියේ යීබෝගේ රූම් එකටයි...
යීබෝගේ සුවද දැවටුණු ඇදේ චාන් මුහුණ ඔබාගෙන ඒ සුවද විදිමින් සෑමදාම දවස පටන් ගන්නට විය...
හිතාමතාම කුසට අහර නොගත් අතර මේරි නැන්දාගේ බලකිරීම මත සෑම විටම ආහාර ගත්ත ද චාන්ට කිසිවක රසක් පිළිබදවවත් මතකයක් නැතිවිය ....
නිතරම පාඩම් කරන්නට වූ අතර රාත්රී 12.00-2.00 වෙනතුරු පමණක් යන්තම් දෑස් පියාගත්තේය.තමා ගෙවූ කටුක ජීවිතය එවන් එකක් විය...සෑම පැයකටම වරක් යීබෝගේ පොටො සමග ලතැවුණු අතර දහස්වාරය ඒවාගෙන් සමාවද යැද්දේය...
දින ගණන් ගෙවූ අපහසුව චාන්ගේ කෙට්ටු වී ඇදී ගිය ශරීරය සාක්ෂි දැරීය....
සියල්ල අවසානයේ යීබෝ බලාපොරොත්තුවෙන් චාන් තම සිත පුරවාගෙන සිටියේය....
චාන් Highway එකට දමා පැයකට පසු beijing airport එකට පැමිණියේය...
YOU ARE READING
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfiction🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗