23- Capture ( කඩාවැටීම ) ♥️

1K 280 71
                                    

I Owe You.....
.
.
.
.
.
.
"බබා... දැන් අඩුයි ද...??? චාන් තම දෙනෙත් අපහසුවෙන් විවර කල අතර එකවර දුටුවේ යීබෝගේ රතු වී ඉදිමී තිබූ දෑස් ය....

"බබා ඔයාට කතා කරන්න පුළුවන් ද...???

" හ්ම්... චාන් ඔලුව වනමින් කෙදිරිගෑවේය...

"අමාරුවක් දැනෙනව ද බනී....???

" මට.... තාම...හ්......හු........ස්......ම.....

" හරි ඉන්න පැටියෝ කතා කරන්න එපා....
අහන්න මැණික.. යීබෝ චාන් හාව ඇණ තබා වාඩි වී චාන්ගේ අත් දෙකෙන්ම අල්ලා ගත්තේය....
ඒත් එක්කම ලියන් ද ලගට ආවේය....

" බනී මේ මගේ හොදම යාලුවා.... මට සමාවෙන්න මැණික මම හිතාමතාම ඔයාට රිදෙව්වට...
කාටවත් ඔයාගේ තැන ගන්න බෑ රත්තරන් හා ද...?? යීබෝ චාන්ගේ දහදියෙන් තෙත් වී ගිය කම්මුලක් මත අත තැබීය...

" අහන්න රත්තරන් .. චාන් තම කදුළින් බර වුණු දෑස් සෙමින් ඔසවා යීබෝ දෙසත් ලියන් දෙසත් බලන්නට විය   ..

" බනී මේ බලන්න.. යීබෝ නැවත චාන්ගේ කම්මුලෙන් පරිස්සමෙන් අල්ලා යීබෝ දෙසට හරවා ගත්තේය  ....

" ඔයා මට කොහොම සැලකුවත් මට ඔයාට වෛර කරන්න බෑ මැණික.. මම එදා ආවේ මට දරාගන්න බැරි වුනා ඔයා මාව සැක කරාම... ඒත් ඒත්... යීබෝ බිම බලාගන්නට විය....

"ඒත් මම Airport එකට ආවමත් ආපහු මට ඔයා ලගට දුවගෙන යන්න තරම් ඔයාව මතක් වෙලා දරාගන්න මට බැරි වුනා...

ඔයා මට මොන දේ කරත් මොන තරම් නොසලකා හැරියත් මගේ මෙතන තියෙන ආදරේ නැතිවෙන්නේ නෑ මගේ මැණික.... මං කොහොමහරි ඔයාට ඕනි ඕනිම වෙලාව්ක ලෝකේ කලවරට හරි ඔයාව හොයාගෙන එනවා..තේරුණා ද පන... යීබෝ නැගිට චාන්ව තම ලයට තුරුළු කරගත්තේය  ....

"බෝ.......බො........

" ඔව් මැණික....???

"මට ........ස.......මා....වෙ.......න්.......න... බෝ.......මං ඔයාට.......ගො....ඩක්.......ආද....රෙ.....යි.......

"කතා කරන්න එපා... මම ඒක දන්නවා... ඔයාට ඔයාගේ හැගීම් හරියට තේරුම් ගන්න බැරි වුනා කියලා මම දන්නවා.... ඔයාට ඔයා මට ආදරෙයි කියලා ඒකත් මල්ලි කෙනෙක් වගේ නෙවෙයි ඒ ආදරේ කියලා පිළිගන්න හිත ඉඩ දුන්නෑ කියලා මම දන්නවා පන.. මට තේරුම් ගන්න පුළුවන් .. මාව පොඩි කාලෙම ඔයා අත් දෙකට අරන් අයියා කියලා  හිතාගෙන නැලෙව්වා. ඒ නිසා ඔයාට ඔයාගේ සිතුවිලි එක පාර තේරුම් ගන්න බැරි වුනා .. මට තේරෙනවා ඒක.. ඒ නිසා ඔයා තවත් ඒක ගැන හිතලා දුක් වෙන්න එපා .. තේරුණා ද...???

I Owe You (Yizhanff✔️🔚)sinhala. Dove le storie prendono vita. Scoprilo ora