I Owe You....
.
.
.
.
.
මෙලෙස යූබින් ජාන්ට ලං වෙන්නට එන දවසක් ගානේ යූබින්ට අනෙක් අතට යමක් සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත් වුනේය... යීබෝ යූබින් හා කෙලින්ම රණ්ඩුවට නොආවේ ජාන් තමාගේ සිත තුළ ජාන් කෙරෙහි පවතින ලෝබ කම පිටතට පෙනේවියැයි බියෙනි.. එහෙත් ජාන් සිහල්ල තේරුම් අරන් සිටියේය..
දිනක් යූබින්ගේ බෑගය ඇරිය විට විශාල ගෙම්බෙකු ද පැන දිවුවේය. යූබින් ගෙම්බන්ට ඉමහත් බයක් දැක් වූ අතර බෑගය තුළ නෝට් එකකුත් ගෙම්බා සමග දමා තිබුණේය..." මේ ගෙම්බා වගේ ජාන් ලගට වෙලා බක බක ගාන්න ගත්තොත් කෙලින් ම ගෙම්බෝ ගොඩක් ඉන්න ලිදකට විසිකරනවා ආයේ ගොඩ ඒමක් නැති වෙන්න.. "
ඒ නෝට් එක යූබින්ට ඇසෙන්නට ජාන් කියවූයේ බඩ අල්ලගෙන හිනාවෙමිනි...
එදින හවස සුපුරුදු ලෙස යීබෝ ජාන් එනතුරු විද්‍යාල ගේට්ටුව අසල සිටියේය...
" බෝ යමු... ජාන් කපටි ලෙස සිනා සුනේය...
" බලන්නකෝ බෝ කවුද මංදා නසරානි කොල්ලෙක් බින්ගේ බෑග් එකට ගෙම්බෙක් දාලනේ... මං මේ කල්පනා කරේ කවුද කියලා.... ජාන් හිනා වෙමින් යීබෝගේ මුහුණ දෙස බැලුවත් යීබෝ නෑසුනාක් මෙන් අහක බලාගෙන ඉස්සර වී ගියේය...
" එයා කරපු දේකට රිටන් හම්බෙන්න ඇති... යීබෝ ගානකට නොගෙන පැවසූ අතර ජාන් නෝට් එක ගැන කතා කරේ නැත..
දින සති මාස ගණන් මෙලෙස ගෙවුණු අතර සියලු දෙනා අවසන් වසර විභාගය ද ලියා උපාධිය ද ගෙන අවසන් කලේය....
එහෙත් යීබෝ තවමත් සවසට ජාන්ගේ නිවස අසල බයිසිකලයෙන් කැරකෙන්නට වූ අතර ජාන් ද යීබෝ සවස් වන විට නිවස වටා කරක් ගහන බව දැන සිටියේය....
"ආඩම්බරකාරයා.. එක්කෝ ආදරේනම් කියන්න ඕනි.. ලොකුකම ඔක්කොටම වඩා වැඩීනේ.. මම පස්සෙන් යන්නෑ... මට බෑ.. ලොකු කම අතෑරලා එන්න ඕනි එහෙනම්.." ජාන් කියවමින් බැල්කනි එකෙන් බැස මිදුලට ගොස් ගේට්ටුව ඇර එලියට ගියේය..
" යීබෝ.........ජාන් අත් උඩට ඔසවා ඈත යන යීබෝ දෙස බලා කෑගැසුවේය....
" ජාන්... යීබෝව අතේ මාට්ටු වීමත් සමග යීබෝගේ මුහුණ රතු වී තිබුණි...
YOU ARE READING
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfiction🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗