I Owe You....
.
.
.
.
.
.
'' ග'ගා ඔයා ඔයා ද මේ ...??? ඇත්තටම ඔයා ද...??? යීබෝ තම ශරීරයේ ඇටමිදුළු මතින් ම ආ සීත වීම සමග ම ජාන්ව ඉක්මනින් වැලදගත්තේය ..ගගා මේ ඔයා ද...?? මගේ චාන්ග ද නැත්නම් ජාන් ද කොහොමහරි ඔයා ද බනී මේ...???
සියලු දෙනා යීබෝගේ අමුතු හැසිරීම නිසා මවිතයට පත්ව සිටියේය...
එඩ්මන් සහ මේරි ද මුහුණට මුහුණ බලාගන්නට වීය..." අනේ මගේ රත්තරං හොදින්.... යීබෝ චාන්ගේ මුහුණ සිපගත්තේ දරාගත නොහැකි සතුට නිසාය...
එඩ්මන් සහ මේරි හිමීට තම කාර්යයන් වෙතට ඇදුනේ ආදරවන්තයන්ගේ හැසිරීම්වලට ඉඩදෙමිනි...." මගේ බනී.. යීබෝ විටෙක චාන්ගේ මුහුණ බලා නැවත තුරුළු කරගනී.. නැවත අතහැර මුහුණ සිඹ නැවත තුරුළට ගනී...
චාන් යීබෝගේ සතුට සහ වේදනාව පිට කරගන්නට ඉඩ දී සිනහා වී සිටින්නට වීය.. චාන් යීබෝගේ මෙම හැසිරීම බලාපොරොත්තු වූවා සේය....ඒත් මොහොතකින් නිවස තුළට ආවේ ලූනා සහ ලියාන් ය.. .
" අහ්... කුරුළු ජෝඩුව... අහ් ....???? යීබෝ පුදුමයෙන් හැරී බැලුවේ ලියාන් සහ ලූනා එකට මේ ආත්මයේ පෙර නොසිටි නිසාය....
" කෝ ඉන්න ප්ලාස්ටර් එකක් අලවන්න ඕකට.." මේරි නැන්දා දුන් ප්ලාස්ටර් එක චාන් යීබෝගේ ඇගිල්ලේ බෙටඩින් තවරා පිසදමා ඇලවූයේය....
එතෙක් යීබෝ මදක් සන්සුන් වීය....පසුව යීබෝට එකවර මතකයට ආවේ චාන්ගේ අසනීපයයි....
නැවත කලබල වූ යීබෝ ඉක්මනින් චාන්ගේ මැණික් කටුවෙන් අල්ලාගත් යීබෝ චාන් ඇදගෙන තම වාහනයට නැග්ගේ මිතුරන් දෙදෙනා ද පසුපස දිව එද්දීය...." බෝඩී මොකක්ද මේ කරන්නේ...??? අපි මේ කොහේද යන්නේ....?? බබා ඉන්න....
" නෑ නගින්න ඉක්මනින් .. මට තවත් ඔයාව නැති කරගන්න බෑ.. මට බෑ දරාගන්න...
මචං හිටපන් අපිත් එනකන්... ලියාන් සහ ලූනා ද පසුපසින් නැගගත්තේය....
හතර දෙනාගේ ම දෑස් නලලට ආවේ නැවතුනේ හොස්පිටල් එකේ නිසාවෙනි...."අනේ බෝ බෝ .... අහන්නකෝ.. මම හොදින් මැණික...
චාන් කියූවත් ඒ කිසි දෙයක් යීබෝට ඇසුනේවත් නැත...
යීබෝ තවම චාන්ව ඇදගෙන ඇතුලට ගිය අතර එහි සිටි චාන් පෙරදී ඇදුමට ප්‍රතිකාර ගත් වෛද්‍යවරයා සොයා යන්නට වීය...
VOUS LISEZ
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfiction🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗