17- Capture ( රහස හඹා යාම ) ♥️

959 267 77
                                    

I Owe You.....
.
.
.
.
.
බලාපොරොත්තු වූ පරිදි සීයා යීබෝ විසින් මිශ්‍ර කරන ලද බෙහෙත් සහිත සුප් එකෙන් ටිකක් පානය කල අතර තිදෙනා ආහාර ගත් පසුව යීබෝ චාන් සමග ඔහුගේ කාමරය වෙත ගියේය...

" චාන්ග....???

'"හ්ම්ම්ම්ම්???
යීබෝ නොසන්සුන්ව කාමරය පුරා එහෙට මෙහෙට ඇවිද  යන්නට වූ  අතර තම ඇගිලි හා නියපොතු ද හපමින් සිටියේය...
චාන් ඇද මත දිගා වී යීබෝගේ මෙම නොසන්සුන් ඉරියව්ව දෙස සිනා සී බලා සිටියේය...

"බෝ බෝ මදැයි දැන් ඔයා දැනටමත් කිලෝමීටර් ගානක් ඇවිද්දනේ....
කකුල් අමාරුවක් හරි ඒවි...මෙහෙන් ඇවිත් වාඩි වෙන්න...

යීබෝ චාන්ට කීකරුව පැමිණ අසලින් වාඩි වීය ...
ඒත් සමගම වෙනතක් බලා කල්පනාවක ගිළුණි...

"බෝ බෝ ඇයි ....???

" නෑ .... කෙටි පිළිතුරත් සමග නැවත කල්පනාවට වැටුණේය...
චාන් යීබෝගේ උරහිස මත තම අත තබා යීබෝ දෙස බලා සිටියේය....

" ගගා.... ඔයා පවුලේ වෙලා මාව පිට කෙනෙක් වෙන්න පුළුවන් ද...???

" අහ්....??? චාන් එම ප්‍රශ්නය හමුවේ පුදුමයට පත් වූ සේ පෙනුණි..

" එහෙම වෙන්න බෑනේ බෝ.. මම දැක්කනේ මමාට ඔයාව ලැබෙනවත්.. මං ඔයාගේ චූටි සිනිදු යටිපතුල් අතගාලත් බැලුවා.. තාමත් මතකයි මට... ඔයා රෝස පාට රෝස මලක් වගේ හිටියේ . ඒ වචන හමුවේ චාන්ගේ දෑස් සතුටින් දිළිසුනේය. නමුත් යීබෝ තවමත් කනස්සල්ලට පත්ව සිටියේය...

" අහන්න ගගා... ඔයා දන්නවද මම ඔයා මගේ අයියා නෙවේ කියලා දන්නේ කොහොමද කියලා...

" ඔයා මට ඒක කියන්න උත්සහ කරපු නැති නිසා මම අහුවේ නෑ....

" මගේ මමායි පපායි කතා උනා දවසක්....

" මොකක්ද ???"

" ඒත් මට ඒකේ ඇහුනේ පොඩිම පොඩි කොටසක් විතරයි...

" ඒත් මොකක්ද  ....???

" ඔයා ලගට මාව යවනවා කියලා පපා කිව්වම අම්මා කිව්වා මාව තනියෙන් ඔයයි සීයා පපායි එක්ක තියන්න බයයි කියලා.. එතකොට පපා කිව්වා බයවෙන්න එපා එයාගේ අයියා එයාට ඉන්නවනේ කියලා....

I Owe You (Yizhanff✔️🔚)sinhala. Where stories live. Discover now