29- Capture ( ලියාන් සහ වෙන් ) 🥀💥

891 262 62
                                    

I Owe You.....
.
.
.
.
.
"මමා එතකොට මේ ඇත්තටම 1980 ද....??? යීබෝ තම හිසකෙස් අදිමින් මවගෙන් අසන්නට විය....

'"අම්මපා බං උඹ මොනවද ඊයේ බිව්වේ ඇත්තටම ????

" මමා මම විහිළු නෙවෙයි කරන්නේ මාව විශ්වාස කරන්න මම 2022 හිටියේ.. මං කොහොමද 1980 ට ආවේ...???
ඒත් කොහොමද ???
ඇයි??
ලෝකේ ඇත්තටම කාලය හරහා ආත්ම යනවද ..??
හොදටම ශුවර් මම වාහනේට වැදුනා.... මට මතකයි ඒ ටිපර් ලයිට්වල මම වැදුනා... මාව පාවුනා..

ඒත් කොහොමද මම 1980 ඉන්නේ???

යීබෝගේ මව යීබෝ දෙස රවන්නට විය..

""දැන් බලපන් වෙලාව කීයද කියලා...ගිහින් කඩේ ඇරපන්... "

" මොන කඩයක් ද...?? මම මේ කොහෙද කියලවත් දන්නේ නැතුව..කොහේ ගිහින් මොනවා කරන්නද...??

යීබෝ කලකිරුනු ස්වරූපයකින් පැවසුවේය...

මව යීබෝට රවා කුස්සිය දෙසට ගියාය....

" මේ ළමයාට මොන යකෙක් වැහිලද විකාරම කියෝනවා නැගිටපු වෙලේ ඉදලා.. ඒත් ඇයි මට වෙනසක් දැනෙන්නේ ඒ හැසිරීමේ...

චහ්.. ඕනි එකක් කෝකටත් ඊයේ හතර ගාතෙන්නේ ආවේ.. තාම ඒකේ පවර් එකෙන් වෙන්නැති...

මව තනිව කියවමින් උයන්නට වූවාය...

" ආන්ටී...........නිවසේ දොරටුව දෙසින් අයෙකු කෑගැසීය....
" ආන්ටී............

" යීබෝ...............????
යීබෝට පිටතට ගොස් බලන්නට වූ අතර යීබෝගේ හදවත පිනා ගියේ ඒ රුව දැකීමත් සමගමය....

'" ලියාන්....??????

" oh.... thank God මචං උඹවත් හම්බුනා .. මට පිස්සු හැදිලා හිටියේ... යීබෝ සිනාසෙමින් ගේට්ටුව ඇරියේය....
එය යකඩින් තනන ලද පියන් දෙකේ ගේට්ටුවකි...

"මොකද යකෝ... නිකන් කාලෙකින් දැක්ක එකෙක් දිහා බලනවා වගේ.. බලපන් ඊයෙ නටපු නාඩගම උඹ.අනේ මංදා බන්...

යමං ඉතින් මාව උඹ ගේට්ටුව ගාවද තියාගෙන ඉන්න හදන්නේ...???
වෙන් බැනවැදුනේය....

යීබෝ ලියාන්ගේ ඇදුම් දෙස බැලුවේය.. එය ඉතා පැරණි විලාසිතාවන් වීය...
දුඹුරු පැහැ කොට කලිසමක් සහ සුදු Tshirt එකක් අද සිටි අතර tshirt එක කොට කලිසමට යට කර තිබුණු අතර සුදු සපත්තුදෙකක් පැලැද සිටියේය...
කොණ්ඩයද පැත්තට පීරා තිබුණි...
දෑස් තුළ උපැස් යුවලක් ද තිබූ අතර යීබෝට ඔහු දැක සිනාහා පැමිණියත් තමා සිටිනා තත්වය සිනාසීමට සුදුසු නොවන බව සිතා එය මුව තුළම හිදී යාමට හැරියේය..

I Owe You (Yizhanff✔️🔚)sinhala. Where stories live. Discover now