I Owe You......
.
.
.
.
.
.
තව එක පියවරයි....යීබෝ ජාන්ගේ ඇද මත දිගෑදී සිනහා වුනේය..." පස්සේ ඔයාව මගෙම කරගෙන මං මගේ පලිය ගන්නේ ඊට පස්සේ..."
යීබෝ තම ඇදුම් සෙමින් ඇදගෙන අවට බලන්නට විය...
" මේ සල්ලිකාරකම නිසා වෙන්නැති ගල් බඩා මේ තරම් වෂී වෙලා ඉන්නේ....
මම දැනගෙන ආවේ.. ඔයා මං ඔයාගේ පස්සෙන් එනවා කියලා දන්නවා කියලා... ඔයාම මං ලගට එනකන් තමා මම හිටියේ.. ඔයාව සම්පුර්ණයෙන් මගේ කරගත්තම අද රෑට බලමුකෝ. මම ඔයාව රොඩ්ඩක් වගේ විසි කරලා දානවා...
යීබෝ හිතේ ගැඹුරේ වල දා තිබූ වෛරය පිටතට ඇදගත්තේය...
යීබෝ අසල තිබූ කොට්ටයකට මිට මොළවා පහර දෙන්නට විය.." ඒත් එයා ලග දී මාව පාලනයක් නැතිවෙලා යනවා...ඒ ඇස්වල මාව අතරමං වෙනවා..
සෙල්ලම් නෑ.. මිනිස්සු වශී කරගන්න හොද හැකියාවක් තියෙන්නේ කොල්ලට. මාත් වෙලාවකට අහුවෙනවා..
ඇත්තටම ඒ අහිංසක මූනට කේලම් චීත්තයක් වෙන්න පුළුවන් හැටි.."යීබෝ එන්න යමු කන්න එන්න මම පැස්ටා හැදුවා...
ජාන්ගේ හඩට යීබෝ නැගිට්ට අතර යීබෝ තව ජාන්ව ලං කර ගැනීමේ යටි සිතුවිල්ලත් සමග ජාන් ඇද නලල මත තම දෙතොල් තැබුවේය.." බෝ..... ආදරෙයි මං..... ජාන් තම පපුවට හිස තබාගෙන පැවසූ දෙයට යීබෝගේ ගතම සීතල වී ගියේය...
ඒත් යීබෝ නිහඩවම සිටියේය.එනමුත් ජාන්ව අත් හැරියේ ද නැත.." මං දන්නවා බෝ ඔයා මට වෛර කරනවා කියලා... ඒකට හේතුවත් මම දන්නවා.. එදා ඔයාව සර් අරන් ගියාම මම ඔයාගේ පස්සෙන් ආවා...
මට ඇහුනා සර් මං කිව්වා කියලා ඔයාට බැන්නා... මම දන්නවා ඔයා මම සර්ට කේලම් කිව්වා කියලා තරහෙන් ඉන්නේ කියලා..
එදා උදේ සිද්දිය මම කිව්වා තමා බෝ ඒ මගේ හිත රිදුනු නිසා.. අනික මම ඔයාට ආදරෙයි . මං ආස නෑ ඔයා ගෑනු ළමයි එක්ක මුකුළු කරගනවට.
මට සමාවෙන්න. ඒත් ඔයා මට සමාව දෙන්නෑ කියලා මම දන්නවා.. අනේ බෝ මට ආදරේ නොකරට කමක් නෑ ප්ලීස් මාව රිදවන්න හිතන්න එපා බෝ.. මං ඔයාට මගේ හැමදේම දෙන්නම් ඒත් මගෙන් පලි ගන්න කමක් නෑ.. ඒත් ඔයා මගේ.. ඔයාව වෙන කෙනෙක් අල්ලනකොට මට දරාගන්න බෑ යීබෝ... ජාන් තම කදුළු යීබෝගේ නිරුවත් පපුව මත දිය කර හැරී අතර යීබෝට තම පපුව උණුසුමෙන් දැවෙන තරම් වේදනාවක් ආවේය..
KAMU SEDANG MEMBACA
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fiksi Penggemar🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗