I Owe You.....
.
.
.
.
.
.
යීබෝ ජාන් සමග පලි ගැනීමේ චේතනාව සිත යට හංගාගත්තේය...."සමාවෙන්න සර් මම හැදෙන්නම්කෝ. ජාන් වගේ . යීබෝ හිත යටින් සිනා වූ අතර එය ලාවට මුව මත ඇදුණි...
" ජාන් වගේ නෙවෙයි උඹ උඹ වගේ හිටාන් ඒත් ඒක හොද පැත්තට.. ඒ ළමයා උඹ ගැන වද වෙනවා ගොඩක් . කවදාහරි තේරෙයි..
යීබෝ වෙනත් කිසිවක් නොකියා හිස නමා ආචාර කර එතනින් ආවේය...
" රෙද්ද....ජාන් ජාන් ජාන්... කේලම් චීත්තේ... බලාගමුකො..
එදින යීබෝ මුල්වරට ජාන් හා අමනාපය හිත යට සගවා ගත්තේය...
සෙමින් තම පන්තියට ගිය යීබෝ විටෙන් විට ජාන් දෙස බැලීමට අමතක නොකලේය...
ඒත් ඒ බලන වාරයක් පාසා වෛරය පරදා කියාගත නොහැකි හැගීමක් යීබෝ තුළ ඇති වී ඒ ඇස් දෙස බැලීමට නොහැකිව අසරණ වන්නට විය.. ඒ ඇස් දකින වාරයක් පාසා යීබෝගේ හදවත මැරතන් එකක් දිව විත් නතර වූවාක් සේ ගැහෙන්නට විය...
එයට යීබෝ දැඩි ලෙස වෛර කලේය...දහවල් ආහාර වේලාව තුළ දී යීබෝ ජාන්ව අල්ලා ගැනීමට දැඩි ලෙස සිතා සිටියේය...
"වෙන් උඹ ලූනා එක්ක අද තනියෙන් පලයං මට ජාන් එක්ක පොඩි කතාවක් තියනවා කරන්න. "
"ආ........??? වෙන් තම දෑස් නලලට මෙන් විශාල කරගත්තේය ...
"ආව්ශ්........උඹ මං කිව්ව එක එහෙනම් හිතට ගත්තද...??
ඒක හොදයි දැන් වත් උඹ ජාන් එක්ක සෙට් වෙන එක.
නමුත් යීබෝ කට කොනින් සිනහ වූවා පමණි..." අන්න පලයන්... අරූ යනවා.. වෙන් ඉක්මනින් නැගිට ලූනා හා සමාන්තරව ගොස් ලූනාගේ අතැගිලිවලින් සියුම්ව අල්ලාගෙන ලූනාගේ කනට බර වීය...
"බබා යීබෝට ජාන් එක්ක කතා කරන්න ඕනිලු.. අපි යමු එයාලා දාලා..
ලුනාගේ මුහුණ මත ද සිනහවක් ඇදුණු අතර ලූනා ජාන් දෙස හැරුණි..."ජාන් මචං මට වෙන් එක්ක පොඩි ගමනක් යන්න තියනවා.. උඹට තනියෙන් යන්න පුළුවන් නේ...
ජාන් උත්තර දෙන්න මද වේලාවක් ගත්තද එයට හිස සලා කැමැත්ත පල කලේය...
පසුව වෙන් ලූනා සමග ඉක්මනින් පිටව ගිය අතර අනෙක් ළමුන් ද පන්තියෙන් විවේක කාලය නාද වූ ගමන් ම පිටව ගොස් තිබුණි..
YOU ARE READING
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfiction🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗