04- Capture ( හැගීම් වෙනස්වීම ) ♥️

1.3K 312 80
                                    

I Owe You....
.
.
.
.
චාන් මචං.. නැගිටපන්...
ඒත් එක්කම මගේ උරහිසට දැනුණු දැඩි ස්පර්ශයත් එක්ක මම ඇස් ඇරියා...
එතකොට ඩීට තදටම නින්ද ගිහින් තිබුණා.. මට හිහුනා එයාගේ බෙහෙත්වලට වෙන්නැතී කියලා...

" මචං යමන් බං එලියට අපි ගිහින් කතා කරමු.. පොඩි එකාට රෙස්ට් කරන්න දෙමු බන්....

ලුනා මාව එක්කන් එලියට ආවා.. මම ආපහු හැරිලා ඒ නිදාගෙන ඉන්න අහිංසක මූන දිහා බැලුවා..

" යමන් යමන් දැන් ඉතින්... මෙච්චර වෙලා බලාගෙන හිටියේ...
ඒත් එක්කම මම ලූනාට රැව්වා...

"විහිළු කරන්න එපා බන්.. මම මේ පිස්සු හැදිලා ඉන්නවා...

" හරි හරි මට කතා කරන්න ඕනි.. අපි යමු බන්..

" හ්ම්ම් ඒත් එක්කම මම ලුනා එක්කම එලියව ආවා..

Hospital එකේ එළියේ තිබ්බ bench එකක අපි වාඩි වුනා...

දැන් කියපන් මේ මොකක්ද උනේ කියලා වහාම.... අරහෙන් වෙන්ෂි පිස්සු නටනවා ..

" අනේ ඒකිගේ මගුල...

" එහෙනම් උඹ මොකටද ඒකි එක්ක යාලු වුනේ...???

" ඒක ලොකු කතාවක්...
මම ලොකු හුස්මක් අරන් ආපහු ඒක පිට කරේ මගේ හිතේ බර නිදහස් කරගන්න කියලා...

මට උඹේ ඔය ලොකු කතාව කියපන් ඉස්සෙලාම...
උඹේ මල්ලි පොඩ්ඩට මොකක්ද උනේ කියපන්...
මේ අවුල් ජාලේ ලිහපන් බන් බලපන් උඹේ අම්මලත් තාම ආවේ නෑනේ මෙහෙට එයාලා දැනගත්තොත් මල්ලි ගැන දුවගෙන ආයෙ චීනෙට එයි..

" හ්ම්ම්ම් මම ඒක දන්නවා.. මගේ හිත බරයි බන් මහ ගොඩක් ..මට හිතාගන්න බෑ මම මොනව ද කරන්නේ කියලා...

උඹ මුකුත් හිතන්නේ නැත්නම් මම උඹට මේ දේ කියන්නම්...

" මොකක්ද බන් උඹට පිස්සුද... ????
මම මොකටද එහෙම මුකුත් හිතන්නේ...??
මට ඇත්ත කියපන් එතකොට තමා මට පුළුවන් වෙන්නේ මේ අවුලට වචනෙකින් හරි උඹට උදව්වක් හරි කරන්න...

ඒත් එක්කම මම ලුනාගේ ඇස්වලට බර වෙලා මගේ ගැහෙන අත එයාගේ අත උඩින් තිබ්බා...

එයා මගේ අත දිහා බලලා ආපහු මගේ මූන දිහා බැලුවා.. මට තේරුනා එයා මගේ ඉරියව් ගැන හොද අවධානයෙන් ඉන්නේ කියලා...

I Owe You (Yizhanff✔️🔚)sinhala. Unde poveștirile trăiesc. Descoperă acum