I Owe You....
.
.
.
.
.
.
ඈ....??? යීබෝ අනපේක්ෂිත මොහොතක ජාන් ඇසූ දෙයින් යීබෝට දීමට උත්තරය සිතීමට මද වේලාවක් ගතවිය..." කමක් නෑ.. මම දන්නවා ඔයාට සතුටුයි කියලා හිත යටින්..
ජාන්ගේ මුහුණ යීබෝ බලා සිටිය දී දුකින් බර වීය...
යීබෝට එක තත්පරයකට ජාන් ගැන කණගාටුවක් ඇති වීය...
ජාන් හිතුවෙවත් නැති මොහොතක යීබෝ ජාන්ව තමාගේ පපුවට ලං කරගත්තේය ...
ජාන් යීබෝට ආදරේ කරන්නට පටන් ගත්තේ පලමු වසර තුළ සිටය.. එම නිසා ජාන්ට යීබෝ තමා වෙනුවෙන් කරන කුඩා දෙයක් මහමෙරක් මෙන් වීය... යීබෝ තමාව සෙල්ලමට ගත් බව ජාන්ට දැනටමත් වැටහී තිබුනේ යීබෝ ගැන ජාන් කාටත් වඩා හොදටම දැන සිටි නිසාවෙනි..." බෝ මාව අතාරින්න.. ජාන් යීබෝගේ දෑත මත අසරණව පැවසුවේය...
"ඇයි ???
" අතාරින්න...
'" ඇයි ඔයා කියන්නේ ඔයා මං තුරුළු කරගන්නවට කැමති නෑ කියලද...??? එහෙනම් මං අයින් වෙන්නම්...
යීබෝ ඉවත්ව යන්නට සැරසුනේ ය..
එවිටම ජාන් කලේ තවත් යීබෝගේ පිටට අත තබා තමාට තෙරපා ගැනීමයි..
යීබෝ සිත යටින් ජාන් තමා අබියස අසරණ වන බව හොදාකාරවම දැන සිටියේය... යීබෝ ජාන්ගේ දුර්වලකම තමා නිසා තමාවම අවස්ථාවට අනුව පාවිච්චි කිරීමට සිතුවේය...ඒත් යීබෝටත් නොදැනී යීබෝ ජාන් ලග දින සති මාස ගණන් ගතවන විට කාන්දමක් සේ ඇදී තිබුණි.. නමුත් යීබෝ එය තමාගේ සිතට ද පවසාගත්තේ ජාන්ව තමාගේ පලගැනීමට භාවිත කරන බවකි. එහෙත් කල් ගතවූවත් යීබෝ ජාන් රිදවන කිසිවක් තවමත් නොකලේය...
" අඩෝ යීබෝ .....ලව් එක නැගලම යනවනේ ????
වෙන් university හී free time එකේ දී ඇසූ දේ සමග යීබෝගේ මුහුණ කළු වීය..." පිස්සුද යකෝ මොන ලව් එකක් ද...???
ඒක නිකන් ආකර්ෂණීයක් විතරයි.. තම මාන්නය හමුවේ පරාජය වීමට යීබෝ දැඩි ලෙස අකමැති වීය..." අහ්.. ඒකත් එහෙම ද.. එහෙනම් මම කියන්න හිතපු එක නොකියා ඉන්නම්කෝ....
" ආ.. ඒ මොකක්ද ...??? යීබෝ වෙන්ගේ මේසය උඩ වාඩි වුනේය...
"නෑ උඹ තාම ඌ එක්ක යාලුවෙලත් නැත්නම් ආදරෙත් නැත්නම් ඒක උඹට අදාල නෑ....."
YOU ARE READING
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfiction🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗