35- Capture ( අමුතු බැදීම ) 🥀💥

871 271 86
                                    

I Owe You.....
.
.
.
.
.
.
යීබෝ සෙමින් නැගිට ජාන් ලගට ගියේය...ජාන් පුදුමයෙන් යීබෝ දෙස බැලුවේ කුමක් කරන්නට සැරසෙන්නේ දැයි අසන්නාක් මෙනි....
යීබෝ ජාන්ගේ මුහුණට බර වූ අතර ජාන්ගේ නාසයේ ගෑවී තිබූ පිටි තම දෙතොලින් ගත්තේ ජාන්ව රතු කරවමිනි...
ජාන්ට යීබෝව එහාට කිරීමටවත් නොහැකි වූයේ දෑත් පුරා ග්ලවුස් දා ඒවාහී පිටි ද ගෑවී තිබුණු නිසාය...

" බෝ.......ඔ-යා...මො-ක-ද්ද.....? ? ? ? ? යීබෝ ජාන්ගේ නලල මතට දා හාදුවක් තබා නැවත අසලින් වාඩි වුනේය....

" ඇයි ඔහොම බලන්නේ....????

යීබෝ කට කොනින් සිනා සුනේය...
" හුරතල්..."

ජාන් රැව්වා පමණි...

දෙදෙනාගේ බැදීම ඉදින් පසුව සාමාන්‍ය ලෙස ගෙවූ අතර දෙදෙනා යලිත් ඕනිවට වඩා ලං නොවූ අතර යීබෝ එදිනට පසු ජාන් නැවත කිසිදා නොරිදවන බව තමාටම පවසා ගෙන තිබුණි....

කල් ගත වීමත් සමග යීබෝ ජාන් නිවසට ඇරලවීම ද තම ප්‍රමුඛ කාර්‍යය කරගත්තේය...නමුත් ජාන් සහ යීබෝ අතර relationship එකක් නොතිබ්බේය...
යීබෝ ඒ ගැන කිසිවක් කතා නොකිරීමත් ජාන් ද යීබෝ මෙන් නිහඩව එදිනට පසු සිටීමත් හේතුවක් වීය...
දෙදෙනා පාසල තුළ දී ද නිතර එකිනෙකා අතර දැවටුනේ නැතත් දෑසින් එකිනෙකා සමග සිත් කියවා ගන්නට වීය...
මේ අතර යූබින් ද යීබෝ හා දැඩි තරගයක ජාන් වෙනුවෙන් සිටියේය...

දිනක් Art room එකේ දී.........🤗🤗🤗🤗

" ජාන් මට විශ් කරන්නේ නැද්ද...???"

ජාන්ගේ පිටුපසින් සිටගත් යූබින් ඇසුවේය...යූබින්  ඒ වන විටත් පැය ගණනක් මහන්සි වී චිත්‍රයක් අවසන් කර තිබුණු අතර එහි යූබින් ජාන්ව තමා සමග ඇද තිබුණි.. ජාන් නම් එම චිත්‍රය තවම දුටුවේ නැත.. ඒ ජාන්ට පිටුපස යූබින් සිටි නිසාය.. යූබින් ට පිටුපස දොරටුව තිබුනි...

"ආ.......?? ඇයි බින්... ??? ජාන් කිසිවක් නොදැන ඇසීය...

" පේනවනේ අද මගේ බර්ත්ඩේ එක වෙලත් එයා මට විශ් කරේ නෑ මොන තරම් දුකක් ද... ???

බින් බිම බලාගෙන දුකෙන් මෙන් ඇසුවේය...

" අනේ මට සමාවෙන්න බින්... Happy birthday .....!!!! ජාන් අත දිගු කළ ද බින් ජාන්ගේ අතින් ඇද ජාන්ව බදාගත්තේය ... ජාන්ට එය එතරම් ගානක් නොවීය...

I Owe You (Yizhanff✔️🔚)sinhala. Where stories live. Discover now