08- Capture ( අතීතයේ කඩයිම ) ♥️

1K 273 38
                                    

I Owe You.....
.
.
.
.
වෙනදා වගේම බෝදී මමයි එකට කා එකට නැග්ගේ එයා school එකට වගේම මම University එකටත් යන්න ඕනි නිසා...

කාලගුණය වෙනස් වෙනවා කියලා 4n එකට notification එකක් ආව ගමන්ම මම කලබල වුනේ Inheler එක දාගත්ත ද බලන ගමන්....

" ඇයි ගගා.. ???
එයා මගේ වෙනස් දැක්කා...

" නෑ අද වහින්න පුළුවන් ලු... ඉතින් මම inheler එක ගත්තද කියලා බැලුවේ..
අද දේශගුණය වෙනස් වෙන පලවෙනි දවස නිසා මට වෙනදට ටිකක් අමාරු වෙනවා ඒකයි බෝ...

" අරන් නේද...? එයා එයාගේ ඇහැබැමත් උස්සලා ඇස් දෙක ලොකු කරලා මගේ jacket pocket එකට එබුනා...

" අරන් අරන් ඩී...ඒත් එක්කම මම drive කරන් ඇවිත් නැවැත්තුවා...
Seat belt එක ගලෝලා මම පිටිපස්සේ sheet එකට හැරිලා බර වෙලා කෙරවලේ තිබ්බ කුඩයක් කොනෙන්ම ඇගිල්ලකින් ඇදලා වගේ ලගට ගත්තා...

ඒක තද රතු පාට කුඩයක්...මං ආසම එකක්. මම හරිම ලෝබකමෙන් පරිස්සම් කරපු එකක්..
ඒක මම ඩීට දුන්නා...
ඩි මං දිහා ආපහු පුදුමෙන් වගේ බැල්මක් දැම්මා...

"ඇයි මේ....??

" ඇයි අහන්නේ කුඩයක් දුන්නම..මම කට කොනින් හිනා වුනේ ඒ පුදුම හිතුන මූන ගොඩක් හුරතල් පාට වුන නිසා..

" ගන්නවා.....!

" මට එපා...එයා නොසැලකිල්ලෙන් කිව්වා...

මම එයාගේ මූන දිහාට තරවටු බැල්මක් දාලා යටි තොල හපලා බලෙන්ම කුඩේ ඇගේ ගැහුවා...

"" පණ්ඩිතයෙක් වෙන්න එපා . අද මම එන්න රෑ වෙයි.. Art exhibition එකක වැඩ ටිකක් ඉවර කරන්න තියනවා ලුනා එක්ක...

"ආ.........ඒ මොකාද....??
එතකොටයි මට අමතක වුනේ මගේ එකම යාලුවා ගැන බෝට කියලාවත් නෑ කියලා...

" අහ්.. මම ඔයාට කිව්වේ නෑනේ එයා මගේ university එකේ යාලුවෙක්....

එයා විශේෂ උනන්දුවෙන් තව මං විස්තර කියයි කියලා sheet belt එක ගලවන්න තියාගෙන හිටපු අත ආපහු අරන් මගේ පැත්තට බර වුනා...

"යන්නේ නැද්ද...??? මම එයාගේ ඉරියව්ව නිසා ඇහුවා...

" එච්චරයි ද...?

" මොකක්ද ?

" යාලුවා ගැන...

" ඔව්...

I Owe You (Yizhanff✔️🔚)sinhala. Dove le storie prendono vita. Scoprilo ora