"ඒයි කොල්ලෝ.. මොකද බං මේ . උබ මගේ දිහා බලන් ඉන්නේ හරියට මට වශීවෙලා වගේනේ. මම එච්චරටම හැන්ඩ්සම්ද "
ජන්කූක්ගේ ගල්වුනු ඇස් ලගින් එයාගේ අත එහාට මෙහාට හොලවපු ටේ ජන්කූක්ගේ ඇස් දිහා බලලා හිනාවෙන ගමන් එහෙම කියලා, බැරිම තැන ආයෙමත් සැරයක් ජන්කූක්ගේ ඔලුවට ගල් ප්‍රහාරයක් එල්ල කරාම නම් ජන්කූක් ඒ ලෝකේ ඉදන් මේ ලෝකෙට සම්ප්‍රාප්ත වුනා.
"ආයිශ් ටේ.... එයා... එයා මාව පිස්සු වැට්ටුවා. මටම තේරෙන්නෙ නෑ ඇයි මම එයාව හොයන්නේ කියලා."
එයාගෙම කොන්ඩෙන් ඇදගත්ත ජන්කූක් එහෙම කියලා ටේ දිහා බැලුවේ තේරුම්ගන්න බැරි හැගීම් ගොඩක් පිරුනු බැල්මකින්.
ඔව් ඇත්තටම ජන්කූක්ටවත් හිතාගන්න බැරි වුනා තත්පර ගානක් විතරක් දැකපු රූපයකට වහ වැටිලා එයා මේ කරන විකාරේ මොකද්ද කියලා.
වෙනදට මේ වෙනකොට කෙල්ලෝ තුන්හතර දෙනෙක්ම වටකරන් හොද කයිවාරුවකුත් ගහලා වැඩි කතාබහ සදහා එක කෙල්ලෙක්වත් ඇදන් රූම් එකකස්සටත් රිංගන ජන්කූක් තවමත් මොකෙද්ද එකෙක් වගේ බාර් ස්ටූල් එකක් උඩට වෙලා මුලු ක්ලබ් එක පුරාම ඇස් යව යව ඉදගෙන ඉන්න එක ටේටත් ලොකූම ලොකූ ප්‍රශ්නයක්.
ඒක පුදුමයක් නේද..?
⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜
YOU ARE READING
where are you my angel? ⚜ vminkook [short story] completed
Short Story"where are you my angel ..? i'm waiting for you.." 💜💛 එක තත්පරයකින් කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද..? jikook vminkook top - jungkook bottm - jimin bts fanfiction start - 2022.07.16 - end - 2022.07.20