35 ⚜

255 83 14
                                    


ආදරනීය චිමී වෙත... ❤


මතකයන් රස විදින්නට මම

දිවගියා ඒ සොදුරු දවසට

ඔබේ ඔය මුව දුටුව ඒ දින

කෙසේ අමතක කරන්නද මම..


‍රෝස පාටින් පුංචි මල් මත

ඇවිද දුව පැන කෙරුව සෙල්ලම්

සුලං රැල් ඔබ තෙමා දැමුවා

රෝස මල් පෙති පිරුනු වැස්සෙන්..


මේ තරම් ලස්සන සුරගනක්

කෙසේ වැටුනිද ඈත අහසින්

රෝස පෙති මත නටන ඔබ දෙස

බලා සිතුනේ එයයි ඒ දින..


සිතුවමට ගන්නට ඔබේ රුව

මට නොහැකි බව දැනුනි මාහට

පුංචි ජායාරුවක් ගත්තෙමි

ඒ නිසා ඔබ දැකීමට මම..


පුංචි නිල් ඇස් කලබලයකින්

පුලුන් බෝලය සිටිය මා ලග

අතට ගැනුමට දුවන් ආවේ

සසල කරමිනි මගේ මේ සිත..


එකම මොහොතකි මුනගැසුනේ අප

නමුත් ඔබ ගෙනගියේ මා සිත

සිතුවෙ නෑ කිසිදිනක ඒ සිත

නැවත ගැනුමට නොහැකි වන බව..


රෝස තොල්පෙති පිරුනු කම්මුල්

අතරේ තනිවී සිප ගන්න නුබ

රෑ නිදි නොදී හීන දැක්කා

ඔබ මගේ කරගන්න සැමදින


සමාවුව මැන පුංචි සුරගන

නොගනු දෑසට කඳුලු කිසිදින

ඔබට ඇසුමට නොකිව හැක මෙය

වචන කවි කර ලියමි මේ ලෙස..


පුංචි සකුරා කොල්ලෝ..... මට සමාවෙන්න. මට බැරි වුනා ඔයාට හොද හියුන් කෙනෙක් වෙන්න. මගේ හිතේ දගලන මේ හැගීම් එක්ක මට බැරි වුනා තවත් ඔයාලා එක්ක ජීවත් වෙන්න.

සමහරවිට මම මේක ඔයාට නොකිය යුතු දෙයක් වෙන්න ඇති. ඒත් එකම එක පාරක් ආස හිතුනා මම ඔයාට ආදරේ කරපු බව ඔයා දැනගන්නවට.

මට සමාවෙන්න ඔයාලාගෙන් ඈතට යනවට. මම දන්නවා ඔයාලා මට ආදරෙයි. මගේ පුංචි මල්ලි කුකී ..... එයාව හොදින් බලාගන්න. ඒ වගේම මට විස්වාසයි එයා ඔයාව සතුටින් බලාගනීවී. ඔයාට ගොඩාක් ආදරේ දේවී..

ඒත් ඔයාට ආදරේ කරන බව දැන දැනම මගේ හිත ඔයාල ලග නතර කරන්න මට හයියක් නෑ. මම යන්නම් හැම මතකයක්ම අමතක කරලා දාලා. ඔයාලා දෙන්නා අතරේ තුවැනියෙක් වෙන්න මට ඕනි නැහැ.

මම දන්නවා මම කරන්නේ වැරැද්දක් කියලා. ඒත් මේ වරදකාරී හැගීම් එක්ක ජීවත් වෙන්න මට තවත් අමාරුයි. උත්සහ කලා මම ඒකට. ඒත් මගේ හිත ගොඩක් දුර්වලයි.

මට සමාවෙන්න චිමී......

සතුටින් ජීවත් වෙන්න හැමදාමත්...


                  මීට රහසින් පුංචි චිමීට ආදරය කල ටේ ටේ හියුන්.

where are you my angel? ⚜ vminkook [short story] completedWhere stories live. Discover now