28 ⚜

245 85 5
                                    


"චිමී බබා.... මාත් එක්ක කතා කරන්නෙම නැද්ද දැන් ආ....."

එකසිය විසිවෙනි පාරටත් අද දවස ඇතුලත ඒ ප්‍රශ්නේ චිමීගෙන් අහපු ජන්කූක් මේ බලාන ඉන්නෙ තවමත් එයා දිහාට පුංචි පුංචි රැවුම් පාරවල් පා කරන ගමන් පැන්ඩා ශීට් එක අස්සේ ගුලි වෙලා ඉන්න චිමී දිහා.

අඩුම ගානේ රෑට කන වෙලාවේවත් එයා එක්ක කතා නොකරපු චිමී දිහා කුකී කොච්චර දුක හිතෙන මූනවල් දාගෙන බැලුවත් චිමී නම් නෙවෙයි කූක් දිහා බැලුවේවත්.

"හරි එහෙනම් මම මේ ලෝකේ තවත් ඉදලා වැඩක් නෑ. මට හිටියෙත් චිමී බබා විතරයි. දැන් එයත් නෑ. මං යනවා මේ ලෝකෙන් යන්නම. "

හොරේන් වගේ පැන්ඩා ශීට් එක අස්සේ ගිලිලා ඉන්න චිමීගෙ පැත්තට ඇස් යැව්ව කුකී එහෙම කියලා ඇද උඩින් නැගිට්ටේ එලියට යන්න හිතාගෙන.

කුකී ඇදෙන් බහිනකන්වත් චිමීගෙ නම් කිසිම වෙනසක් නෑ. ඉතින් තවත් බලන් ඉදලා තේරුමක් නෑ කියලා හිතුව ජන්කූක් සද්දෙන් දොරත් වහගෙන එලියට ගියා.

අන්න එතකොට අර පුංචි ජීවියා ශීට් එක අස්සෙන් මූනත් ඇබුල් කරන් එලියට ආවා.

"එයා ගියාද...? ඇයි එයා චිමීට ආදරේ නැත්තෙ දැන්..."

දොර දිහා බලපු චිමී එකපාරටම හොටු පෙරාන අඩන්න ගත්තා. ඒත් එකපාරම එයාගෙ ඇඩුම නතර වෙලා ගියේ මෙච්චරවෙලා කාමරේ හැංගිලා චිමී දිහා බලන් හිටපු කාගෙදෝ ශක්තිමත් අත් දෙකක් එයාගෙ ඉන වටේට එතෙනවා දැනෙද්දියි.

"කුකී..?"

"හ්ම්ම් ඔව් මං තමයි. දැන් ඇති නේද මැනික මාව බය කලා... ම්ම්.. හොර ගෙඩියා. අද නම් මම ඔයාව හපල හපලම දානවා."

චිමීව ආදරෙන් තුරුලු කරගෙන එයාගෙ සිනිදු කන්පෙත්ත තොල් අතරට ගත්ත කුකී එහෙම කියනකොට චිමීට දැනුනේ එයාගෙ ඇග දිගේම කරන්ට් එකක් යනවා වගේ.

එයා එයාගෙ රවුම් බෝල දිලිසෙන ඇස් වෛන් ජන්කූක් දිහා හැරිලා බැලුවා.

"ඔහොම බලන්න එපා මැනික. මට මාව පාලනය කරගන්න බැරිවෙයි."

චිමිගේ පිරුනු කම්මුල් වලින් හාදුවක් තිබ්බ ජන්කූක් එහෙම කිව්වහම චිමී තවත් ඇස් බෝල කරන් කූක් දිහා බැලුවා. තව එයාගෙ කටත් උල් කරගෙන තොල් දෙකත් කිස් එකක් දෙන්න වගේ හදාගත්තා.

"මේ මොකද මේ ආ...... මගේ චිමී බබා හොදටම නරක් වෙලා."

චිමීගෙ උල් වෙච්ච තොල්දෙකට එයාගෙ තොල් ලන් කරපු කුකී පුංචි හාදුවක් ඒ අතරින් තියලා ඈත් වුනා.

"කුකී......."

එයා දිහා ආදරෙන් බලන් ඉන්න ජන්කූක්ගේ පපුව අස්සේ ගුලි වුනු ජිමින් කුකීට කතා කලා.

"ම්ම්ම්.... කියන්න මැනික ඇයි..?"

"මට.. මට.... "

"ඔව් ඔයාට මොනාද?"

එයාගෙ පපුව අස්සේ ගුලි වෙලා මොනවදෝ කියන්න දගලන චිමීව එයාගෙ ඇස් ඉස්සරහට ගත්ත කූක් එහෙම ඇහුවේ චිමී තවත් ලැජ්ජාවෙන් ඇබරෙද්දියි.





⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜

where are you my angel? ⚜ vminkook [short story] completedWhere stories live. Discover now