08 ⚜

283 88 13
                                    


දැන් එයා මෙතන නැති වුනත් එයා ඉන්නෙ මේක ඇතුලෙමයි කියලා ජන්කූක් දැන් විස්වාස කලා. මොකද එයා දැන් තප්පර ගානකට කලින් එයාව දැක්කානේ.

රූම්ස් කියලා ගහලා තිබුනු ඉස්සරහට විහිදුනු කොරිඩෝව දිගේම වහලා තිබුනු දොරවල් මැද්දෙන් හිමින් හිමින් ඇවිදගෙන ගියපු ජන්කූක් එකපාට්ටම ගැස්සිලා ගිහින් නතර වුනේ තුංමං හංදියක් වගේ තැනකින් .

ඒ එක පුංචි කටහඩක් එයාගෙ කනවැකුනු නිසා. ඒක ගොඩාක් සියුමැලි හඩක් වගේම ඒ කියවන කෙනා ඉන්නේ හරි සිහියකින් නම් නෙවෙයි කියලා ජන්කූක්ට තේරුම්ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

"ම්ම්ම් කව්ද ඒ. ඇහෙන්නෙ නම් මේ බිත්තියට එහා පැත්තෙන් ."

තනි කෙලින් විහිදිලා තිබුනු කොරිඩෝව එතැනින් දෙකට බෙදිලා තිබුනා. වම් පැත්තට හැරෙන තැනට එහාපැත්තෙන් තමයි ඒ කටහඩ කූක්ට ඇහෙන්න ගත්තේ. හිමින් හිමින් ඒ පැත්තට කන් යොමු කරපු ජන්කූක්ට හිනා යන්න ආවේ එකපාරටම ඒ කෙනා කියපු කතාවකට.

"ම්.. මේ අප්පායට බිත්ති ග්.. ගොඩ්ඩායින්නේ... එලියට යන්න මේකක් ක්..කඩ්ඩන්න වෙයිද ...*හික්ස්*.. දන්නෑ "

කවුරු උනත් පිස්සු මනුස්සයෙක් කියලා හිතාගත්ත ජන්කූක් එයාව දකින්න හිතාගෙන හිමීට එබිලා බැලුවේ ඒ පිස්සු මනුස්සයාට තිබුනු කටහඩ ගොඩාක් කියුට් කටහඩක් නිසා.

ඒත් එබිලා බලනවත් එක්කම බිත්තිය දිහා බලාගෙන ඒ පැත්තට ඇගිල්ලකුත් දික් කරන් රවාගෙන බලාගෙන ඉන්න ඒ පිස්සු මනුස්සයාගේ මූන දැකපු ජන්කූක් ඊලග තත්පරේම ගල් රූපයක් වවට පත් වුනේ ඇස් දෙකත් ලොකූ කරගෙන.

"ම්...මොකක්... ඔ..ඔයා..?"






⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜

where are you my angel? ⚜ vminkook [short story] completedWhere stories live. Discover now