"යාහ් ටේ උබ නම් කොච්චර බිව්වත් කෙලින් නේ. උබ නම් යකෙක් බං."
දැනටම සෝජු බෝතල් තුනකට වැඩේ දීලා තිබ්බ ටේ තාමත් කෙලින්. එයා හිනාවෙවී තවත් සෝජු බෝතලයක් අතට ගත්තේ ඒකත් එකපාරින්ම උගුරෙන් පහලට යවන්න හිතාගෙන.
"ආහ් දැන් ඇති ඔය දෙන්නම් බිව්වා. දැන් අපි මූවි එකක් බලමු. පීසා කන ගමන්. හැබැයි තව බොන්න ගත්තොත් චිමී දෙන්නත් එක්කම තරහ වෙනව හොදේ."
ටේකූක් දෙන්නා කාලෙකට පස්සේ සෝජු වල රස බැලුවත් එක කටක් නිකමට බීලා බලපු චිමීට ඔක්කාරෙට ආවේ ඒකෙන් දැනුනු අමුතු රහට.
ඉතින් එයා නම් ආය සෝජු බෝතලයක් දිහා හැරිලාවත් බැලුවේ නෑ.
"හරී එහෙනම් අපි චිමී බබා එක්ක මූවි එකක් බලමු. මොකද්ද අපි බලන කතාව . "
පැත්තක ඉදන් හිටපු චිමීව උස්සලා එයාගෙ ඔඩොක්කුවට ගත්ත කුකී චිමීගේ රතූවෙච්ච කම්මුල් දෙකට හාදු දෙකක් තියලා එහෙම ඇහුවේ ටිවි එකත් ඔන් කරන ගමන්මයි.
"ම්ම්ම්ම් අපි ෆනී ෆිල්ම් එකක් බලමූ. ම්ම්... මිස්ටර් බීන්ගේ එකක් "
චිමී අත්පුඩිත් ගහන ගමන් එහෙම කිවහම ජන්කූක් එයාගෙ සීඩී කලෙක්ශන් එක අතට අරගෙන මිස්ටර් බීන්ගේ ෆිල්ම් එකක් හොයාගත්තා.
සීඩී එක ප්ලේ කරලා ආයෙමත් සෝෆා එක ලගට ආව කුකී ටේගේ එහාපැත්තෙන් වාඩි උනේ ජිමින්ව එයාගේ ඔඩොකුවට අරන්.
" ඕකේ අපි බලමූ....."
ටේ ඕඩර් කරපු පීසා කන ගමන් පැය ගානක් හිනාවෙවී ෆිල්ම් එක බලපු ටේමින්කූක් තුන්දෙනා එදා රෑ නම් ගොඩාක් සතුටු වුනා.
ෆිල්ම් එකේ අන්තිම හරිය වෙනකම්ම බොහොම අමාරුවෙන් ඇස් ඇරගෙන හිටිය චිමීට නම් කටත් ඇරගෙන නින්ද ගිහින් තිබුනා.
ඒ අතරේ බාගෙට ඇස් ඇරගෙන හිටිය කුකීටත් ටික වෙලාවකින් නින්ද ගියේ චිමීවත් තුරුලු කරගෙනමයි.
ඒත් ටේ නම් තාමත් ඇහැරලා. හිමින් සැරේ සද්ද නොකරම ටීවී එක ඕෆ් කරපු එයා කුකීගේ තුරුලේ ගුලි වෙලා කෙල ගෑවිලා රෝසපාටින් දිලිසෙන දෙතොල් තාලෙට හොලවන ගමන් මොනවදෝ මුමුන මුමුන හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්න චිමී දිහාට ඇස් යැව්වා.
" චිමී මැනික ... මම ඔයාලා දෙන්නට වදයක් වෙන්නෙ නෑ මැනික. ඔයාලා දෙන්නම ගොඩක් සතුටින් ඉන්න ඕනේ.
ඒ වගේම කුකී මට සමාවෙන්න. මේ වැරැද්ද විතරක් කරනවට. ඒත් ආයෙ කිසිම දවසක මේක මගේ අතින් වෙන්නෙ නෑ. අන්තිම වතාවට මට සමාවෙන්න කුකී."
චිමී දිහා බලාගෙනම හිමීට මුමුනපු ටේ චිමීගේ රෝස පාට තොල්වලට නැමුනේ එයා මේ කරන්නේ වැරැද්දක් කියලා දැන දැනමයි.
තත්පර ගානක පුංචි හාදුවක් ඒ තොල්වල තවරපු ටේ චිමීගෙන් ඈත් වුනේ එයාගෙ ඇස් වලින් වැටුනු කඳුලු බිංදුවක් චිමීගේ කම්මුල දිගේම පහලට ගලාගෙන යද්දියි.
⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜
ඉවර වෙන්න ලගා..............යි 😁🥳
YOU ARE READING
where are you my angel? ⚜ vminkook [short story] completed
Short Story"where are you my angel ..? i'm waiting for you.." 💜💛 එක තත්පරයකින් කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද..? jikook vminkook top - jungkook bottm - jimin bts fanfiction start - 2022.07.16 - end - 2022.07.20