රූම් එකේ තිබුනු විශාල මාස්ටර් බෙඩ් එකේ අත් කකුල් හතරපැත්තටම දික් කරගෙන පුංචි හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්න මෙච්චර වෙලා කටර් එකක් වගේ කියව කියව හිටපු එයා දිහා ජන්කූක්බලාගෙන හිටියේ එයාගෙ අත් දෙකත් බැදගෙන ඇදට එහා පැත්තේ තිබුනු සෝෆා එකේ වාඩි වෙලා.
පුංචි පුංචි සද්ද දදා මොනවදෝ කියවන ගමන් කෙල වලින් නෑවුනු රෝසපාට බෝල තොල් එකට අතුල්ලන ගමන් පුංචි ඇස් දෙක පියාගෙන එයාගේ ඉස්සරහ නිදාගෙන ඉන්න මේ පුංචි ඒන්ජල් ජන්කූක්ව සම්පූර්නෙන්ම පිස්සු වට්ටලයි තිබුනේ.
තවමත් එයාට හිතාගන්න බෑ රෑ නින්දත් කඩාගෙන මේ පුංචි ජීවියා දිහා එයා මේ විදිහට බලන් ඉන්න හේතුව. ඒ තරු ඇස් , බෝල කම්මුල් , රෝසපාට තොල් දකින හැම මොහොතකම ජන්කූක්ගේ හදවත එයාටත් හොරා වේගෙන් ගැහෙන්න ගත්තේ පිස්සුවෙන් වගේ. ඒ වෙලාවට අත එයාගේ පපුව ලගට කරලා සන්සුන් වෙන්න නිරර්තක උත්සහයක්දරන්නත් කූක් අමතක කලේ නෑ.
"අයිශ් චිමි චිමි ච්මී........ ඇත්තටම ඔයා කව්ද ඒන්ජල්. ඇත්තටම සුරක්ගනා ලෝකෙන් කඩන් වැටුනු සුරදූතයෙක්ද.."
ඒත් එක්කම ජන්කූක්ගේ ඔලුවේ දැන් ටික්කට කලින් මේ පුංචි ජීවියා කියවපු කතා ආයෙමත් දෝන්කාර දෙන්න ගත්තා.
" චිමී වැරැද්දක් කලේ නෑ..... චිමී හොද ලමයෙක්... ආ...........හ් චිමීට කරදර කරන්න එපා..."
ජන්කූක් එයාව උස්සගෙන කාමරේට ඇවිල්ල ඇද උඩින් පරිස්සමට තියනකම්ම එයා කලේ එහෙම කියලා එයාගෙ ඇස් දෙකත් වහගෙන කෑ ගහන එක.
"ආ.....හ් මේ කොල්ලා පුංචි උනාට කට නම් පුංචි නෑ. හම්මො මගේ කන. මම ඔයාට කරදර කරන්නේ නෑ ඒන්ජල්. මට ඕනෙ ඔයා එක්ක කතා කරන්න ව්තරයි. තේරුනාද..?ඉතින් ඔහොම කෑ ගහන්න එපා.."
ජන්කූක් එහෙම කියන ගමන් පුංචි චිමීගේ මූන එයාගේ අත් අතරට ගත්තේ එයාව සංසුන් කරන්න හිතාගෙන. එයා හිතුවා වගේම ටිකින් ටික හිමීට හුස්මගන්න ගමන් සංසුන් වුනු එයා ඊලගට තද කරලා ජන්කූක්ගේ ශර්ට් එක අල්ලගත්තේ ඇස් දෙක බයෙන් ලොකූ කරගන්න ගමන්.
"එ..එතකොට ඔයා මට ගහන්නෙ නෑ නේද.. ගහන්නෙ නෑ කියල කිව්වොත් චිමී ඇත්තම කියනවා."
තොල් දෙකත් පෙරල පෙරල පුංචි කොල්ලා එහෙම කියනකොට ජන්කූක්ගේ මූනට හිනාවක් ආවේ නිරායාසයෙන්මයි.
'ඕහ් මෙයා කියුට් වැඩී... '
එයා ඇගෙන් අවුරුදු විස්සක් විතර වයස තියෙන කොල්ලෙක් වගේ පෙනුනත් හැසිරීමෙන් නම් පුංචිම පුංචි බබෙක් වගේ. එයාව අරගෙන හපන්නමයි හිතෙන්නෙ.
ජන්කූක්ගේ හිත පිස්සුවෙන් වගේ කෑ ගහද්දි එයා එයාගෙ ඔලුව හිමීට හෙලෙව්වේ එයා ගහන්නේ නෑ කියලා චිමීට අගවන්න හිතාගෙන.
⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜
YOU ARE READING
where are you my angel? ⚜ vminkook [short story] completed
Short Story"where are you my angel ..? i'm waiting for you.." 💜💛 එක තත්පරයකින් කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද..? jikook vminkook top - jungkook bottm - jimin bts fanfiction start - 2022.07.16 - end - 2022.07.20