12 ⚜

281 90 4
                                    


සෝෆා එකෙන් නැගිටලා මෙච්චර වෙලා ඕෆ් කරලා සාක්කුවේ අස්සෙ දාගෙන හිටපු එයාගේ ෆෝන් එක අතට ගත්ත කූක් ඒක ඔන් කරලා බැලුවේ එකපාරටම ටේව මතක් වෙච්චි නිසා.

ඔව් එයා හිතුවා හරි. ෆෝන් එක ඔන් කරපු ගමන් පේලියට නොටිෆිකේශන් එන්න ගත්තේ මහා සද්දෙන්.ඒතෙක්කම එයා ඉක්මනටම ෆෝන් එකේ ස්පීකර් එක අතින් තද කරගෙන වහගත්තේ ඒ සද්දේ ඇහිලා නිදාගෙන ඉන්න පුංචි ඒන්ජල් නැගිටීවි කියලා බයේ.

'මම හොදින් ඉන්නවා ටේ. ක්ලබ් එකේම කාමරේක මම ඉන්නේ. ඒ නිසා බය වෙන්න එපා.'

ටේගෙ ෆෝන් එකට මැසේජ් එකක් දාපු ජන්කූක් ෆෝන් එක පැත්තක තිබ්බ ස්ටූල් එක උඩට දැම්මේ ඒක සයිලන්ට් කරලා. කොහොමත් ටේට කුකී ගැන බය වෙන්න දෙයක් තිබුනේ නෑ. මොකද එයාලා මේ ඉන්න ක්ලබ් එකේ අයිතිකාරයා මේ ජන්කූක් කියන කොල්ලාම නිසා.

එහෙන්මම බාත් රූම් එක අස්සට ගියපු කූක් එයාගෙ මූන ටිකක් හෝදගෙන එලියට ආවා. රැක් එකෙන් ගත්ත ටවල් එක්කින් මූන පිහදාපු එයා ටික වෙලාවක් ගුලි වෙලා නිදාගෙන ඉන්න චිමී දිහා බලාගෙන හිටියා.

"ඔයාගෙ ඇත්ත නම චිමීද ඒන්ජල්. ඒත් ඒක කියුට් වැඩි නැද්ද ම්ම්... ඔයා මෙච්චර කල් හිටියේ කොහෙද චිමී.. ඇයි ඔයා කිව්වෙ ඔයාගේ හැල්මොනී වගේ ගහන්න එපා කියලා. එයා ඔයාට හැමදාම ගහනවද ඒන්ජල්. ඔයා සතුටින් නෙවෙයිද ඉන්නේ"

චිමී දිහා බලාගෙන එයාගෙන් ප්‍රශ්න කරපු ජන්කූක් උත්තරයක් නැතුවම චිමීගේ එහා පැත්තෙන් හාන්සි වුනේ කබඩ් එකෙන් ශීට් එක්කුත් අරගෙනමයි.

ගුලිවෙලා ඉන්න චිමීවයි එයාවයි වැහෙන්න ශීට් එක පොරව ගත්ත ජන්කූක් කෙල වලින් නෑවුනු තොල්වලින් හීනෙන් මොනවාදෝ මුමුනන ගමන් සැපට නිදාගෙන ඉන්න පුංචි ච්මීව එයාගේ තුරුලට අරන් ඒ සිනිදු රත්තරන් පාට කෙස් අතරින් එයාගේ ඇගිලි යැව්වේ කියාගන්න බැරි හැගීම් ගොඩාක් හිත අස්සෙම හංගගෙන.

"මම හිතන්නේ මම ඔයාට ආදරෙයි ඒන්ජල්. පැයගානකට මගේ හිත අස්සෙම කියවපු ඔයා දැන් නම් සම්පූර්නෙන්ම මගේ හිත හොරකම් කරලා. ඔයා මාව පිස්සු වට්ටනවා චිමී. "

නින්දෙන්ම දගලලා ජන්කූක්ගේ පපුව අස්සේ උනුහුමට ගුලි වුනු පුංචි චිමීගේ හිස් මුදුනට පුංචි හාදුවක් දුන්නු ජන්කූක් චිමී එක්කම තුරුලු වෙලා නින්දට වැටුනා.

⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜

where are you my angel? ⚜ vminkook [short story] completedWhere stories live. Discover now