06 ⚜

292 92 6
                                    


හිමීට කකුල් අද්ද අද්ද එන කූක්වත් ඇදගෙන ටේ ක්ලබ් එකේ දොර ලගට ආවේ එලියට යන්න හිතාගෙන. අද ජන්කූක්ගේ විශාල අපාට්මන්ට් එකේ නැවතිලා පහුවදා ගෙදර යන්නයි ටේ හිතාගෙන හිටියේ.කොහොමත් හැම සතියෙම දවස් හයක්වත් ටේ හිටියේ ජන්කූක්ගේ අපාට්මන්ට් එකේ තමයි.

පොඩිකාලේ ඉදන් එකට හිටපු දෙන්නා මෙච්චර ලොකු වෙලත් ඒ යාලුකම නම් නැතිකරගත්තේ නෑ. ටේ වයසින් ජන්කූක්ට සමාන උනත් එයා ජන්කූක්ට යාලුවෙක් වගේම වටින හියුන් කෙනෙක් , තාත්තෙක් වගේ හැම මොහොතකම හැමදේම බෙදාගන්න ලගින් හිටියා.

"අනේ ටේ තව ටිකක් වෙලා බලලා යමුකෝ. මට ශුවර් එයා එලියට ගියේ නෑ. එයා ඉන්නේ මේක ඇතුලෙමයි."

කූක් තවමත් අතරමංවෙලා. එයාගෙ හිත කොහෙත්ම කැමති උනේ නෑ ඒ රූපය මගඇරගන්න. එකම එක වතාවක් ආයෙමත් එ‍යාව දැකගන්න කූක්ගේ හිත ලොකුම ලොකු සටනක.

" කියන දේ අහනවා මෝඩයෝ. ඒ මනුස්සයා මෙතන නෑනේ. දැන් තමුන් පැය කීයක ඉදන් තව ටිකක් තව ටිකක් ගගා එයාව හෙව්වද. කෝ හම්බුනාද . නෑනේ. ඉතින් මෙන්න මෙහෙ එනව යන්න."

ටේට දැන් නම් යකා නැගලා. හරියටම පැය හතරක් තිස්සේ ජන්කූක් ටේවත් නතර කරගෙන මග බලන් ඉන්නවා. ඒ පැය හතරටම ටේ කලේ ජිරාෆ් කෙනෙක් වගේ බෙල්ල දික් කරගෙන වට පිට බලන කූක්ගේ  ඔලුව දිහා බකන්නිලන් බලන් හිටපු එක.

ඉතින් ටේ කියන කතාවත් සාදාරනයි නේද..?

අන්තිමට ටේගේ කීමට අකමැත්තෙන් එකග වුනු ජන්කූක් එයා එක්ක එලියට එන්න කැමති වුනා. ඒත් තව එකම එක පාරක්...... ඔව් එයා තව එකම එකපාරක් ක්ලබ් එක පුරාවටම ඇස් යැව්වේ මේ නම් අන්තිම පාර කියලා හිතාගෙන.

ඒත්...............

"අ...අන්න එ...එයා ඉන්නවා.. ට්..ටේ එයා ඉන්නවා..."

එකපාරටම ටේගේ අත අතැරපු ජන්කූක්ක්ලබ් එක ඇතුලට දුවන්න ගත්තේ එයා ඇස් වලින් දැකපු දේ විස්වාස කරන්නත් බැරුව.






⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜

where are you my angel? ⚜ vminkook [short story] completedWhere stories live. Discover now