එයා ආවා කියලාවත් ගානක් නැතුව ඔලුව උස්ස උස්ස ඩාන්සින්ෆ්ලෝ එක දිහාට ඇස් හරව හරව කාවදෝ හොයන ජන්කූක්ගේ ඔලුවටම ප්‍රහාරයක් එල්ල කරපු ජන්කූක්ගේ යාලුවා ටේහියුන් බාර්ටෙන්ඩර්ට කියලා එයාටත් ජන්කූක්ගේ ජාතියෙන්ම වයින් වීදුරුවක් ඉල්ලගත්තා.
"ආවු ටේ. ඒක රිදුනා."
ජන්කූක් එයාගේ මූන තවත් අකුලවගෙන තොල්දෙකත් පිට පෙරලගෙන කෑ ගහනකොට ටේට හිනත් ගියා.
"රිදෙන්න නේන්නම් මෝඩ ඔලුවෝ ගහන්නේ. නැත්තන් අතගානවනේ. ඇත්තමයි කොල්ලෝ උබව දැන් කවුරුහරි දැක්කොත් ගෙදර උස්සන් යනවා හුරතලේට හදාගන්න."
කකුල් දෙකට අත් වලින් ගහගන්න ගමන් හයියෙන් හිනා වෙන ටේ දිහා ජන්කූක් බලන් හිටියේ කලකිරිලා වගේ.
"අනේ යනව යන්න."
"හරි හරි . ඉතින් කියපංකෝ. කවුරු එනකන්ද ඔය මග බලන් ඉන්නේ ආ.... ලස්සන කෙල්ලෙක්ටවත් හිත ගියාද.."
එක ඇහැකුත් වහගෙන ජන්කූක් දිහාට අමූතු බැල්මක් පා කරපු ටේ කටකොනට ගත්ත හිනාව හිමීට අතට අරන් සාක්කුවට දාගත්තේ එයාගෙ දිහාට වැටිලා තිබ්බ තරහා ගියපු හාවෙග්ගේ බයානක බැල්ම දැකලා.
ඒ අතරේ ඒ හාවගේ හිතේ නම් තිබුනේ බැල්මට වඩා වෙනස් ප්‍රතිරූපයක්. ඒ හිත එකම එක තැනක නැවතිලා.කොහෙද දන්නවද ?
දැන් ටික්කට කලින් එයා දැකපු ඒ රූපෙ ලග.
⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜
YOU ARE READING
where are you my angel? ⚜ vminkook [short story] completed
Short Story"where are you my angel ..? i'm waiting for you.." 💜💛 එක තත්පරයකින් කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද..? jikook vminkook top - jungkook bottm - jimin bts fanfiction start - 2022.07.16 - end - 2022.07.20