16 ⚜

261 85 5
                                    


"දැන් උබ කියන්නේ මට ඊයෙ රෑ හම්බුන ඒ කොල්ලා එක්ක කතා කර කර ඉදලා උබ එයාවත් බදාගෙන නිදාගත්තා කියලද.. ජන්කූක් are you kidding me?. උබ කියන්නෙ දැන් මට ඒක විස්වාස කරන්න කියලද ?"

කිසිම දවසක කොල්ලෙක් තියා කෙල්ලෙක්වවත් කාමරයක් ඇතුලට අරන් හිස් අතින් නොයවපු ජන්කූක් අද එයාට හම්බුනු පුංචි කොල්ලෙක් එක්ක රෑ පුරාම නිකන් කතා කර ඉදලා එයාව බදාගෙන නිදාගත්තා කිව්වහම ඒක එකපාරම විස්වාස කරන්න ටේට නම් ටිකක් අමාරු උනා.

මොකද ජන්කූක්ගේ ඉතිහාසයත් එක්ක බැලුවම ඒක වෙන්න පුලුවන් දෙයක් නෙවෙයි.

" ඔව් ටේ. උබ විස්වාස කරනව නම් විස්වාස කරපං නැත්තන් එපා.ඒත් මම කියන්නේ ඇත්ත. මං හිතන විදිහට මම ඒ කොල්ලට ආදරෙයි ටේ. මට බෑ එයාව මෙහෙම අමතක කරලා දාන්න. ප්ලීස් මට එයාව හොයාගන්න උදව් කරන්න."

කාමරෙන් එලියට ඇවිත් පිස්සුවෙන් වගේ මුලු ක්ලබ් එක පුරාම දුව දුව චිමිව හොයලා බැරිම තැන පාරවල් දිගෙත් දුව දුව එයාව හොයපු ජන්කූක් sun and moon කියලා ලොකූ බෝඩ් එකක් ගහලා තිබ්බ කොෆි ශොප් එකේ ස්ටූල් එකකට වෙලා ටේගෙන් මේ ආයාචනා කරන්නේ ඉවසන්නම බැරි තැන.

ඒ අතරේ ක්ලබ් එකේ කොනක පුංචි මේසයක් යට හැංගිලා ඉදලා චිමීව හොයන වෙලාවේ ජන්කූක් හොයාගත්ත එයාගෙ අනිත් අමුත්තා ජන්කූක්ගේ ඔඩොක්කුවේ ගුලි උනේ එයත් එයාගේ අයිතිකාරයා නැති දුකින් ඉන්නවා කියලා පෙන්නන්න වගේ.

"හරි මම උබට උදව් කරන්නම්. අපි එයාව හොයාගමු. දැන් අඩන්නැතුව හිටපංකෝ. ඒයියා බං කොල්ලෙක් නේද?"

මේසේ උඩ ඔලුව තියාගෙන පිස්සුවෙන් වගේ කියවන ජන්කූක්ගේ ඔලුව අතගාපු ටේ එහෙම කියලා ජන්කූක්ව සැනසුවේ කොහොමහරි මේ කියන චිමීව හොයාගන්නවා කියලා හිතින් හිතාගන්න ගමන්මයි.

මොකද එයයි ජන්කූක්ගේ ආදරේ.



"ආහ් .... "

ටික වෙලාවක් ශොප් එකේ ඉදලා ගෙදර යන්න එලියට ආපු ටේට එකපාරටම කව්දෝ කෑ ගහන සද්දයක් ඇහුනත් එයා එක වැඩිය ගනන් ගත්තේ නෑ.

ඒ වගේම පාරේ යන එන වාහන දිහා බලාගෙන පුංචි පූස් පැටියාවත් ගුලි කරගෙන ලොකූ කල්පනාවක හිටපු කුකීට නම් අවාසනාවකටදෝ ඒ කටහඩ ඇහුනේ නෑ.



⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜

where are you my angel? ⚜ vminkook [short story] completedWhere stories live. Discover now