රෝස පාට පුංචි සකුරාමල් වැටුනු පාර පුරාම දුව දුව සෙල්ලම් කරන පුංචි කොල්ලෙක්. ඒ පුංචි කොල්ලාගෙ දිහා බලාගෙන බංකුවක වාඩිවෙලා ඉන්න තවත් තරුන කොල්ලෙක්.
සකුරා මල් වල සුවද මුසුවෙලා තාලෙකට හමාගෙන යන සුලග ඒ දෙන්නාගේම සිරුරු සීතලෙන් පුරවන්න උත්සහ කලත් දෙන්නටම ඒ ගැන වගේ වගක් නෑ.
එක්කෙනෙක් සකුරා මල් පිරුනු පාරේ තනිවෙලා. අනිත් කෙනා ඒ පුංචි හුරතල් කොල්ලාගේ ඇස් ලග නතර වෙලා.
ඒ අතරේ බංකු කොල්ලා ලග තිබුනු කැමරාවෙන් සකුරා ගස් අස්සේ සෙල්ලන් කරන ඒ රූපය ජායාරූපයකට ගත්ත එයා කැමරාව අත් අතරෙම හංගගත්තේ ඒක පුංචි කොල්ලා දකී කියල බයට වගේ.
එකපාරම සෙල්ලන් කර කර හිටපු ඒ කොල්ලා එයාගේ දැගලිල නවත්තලා කාවදෝ හොයන්න ගත්තේ කලබලෙන් වගේ.
"ආහ් ඔයා කොයිද පැටියෝ... ඔයා කොයිද හැංගුනේ."
හැම තැනටම එයාගේ බෝල , දිලිසෙන ඇස් කරකව කරකව එයා කාවදෝ හොයන දිහා බංකුව උඩ ඉදන් හිටපු කොල්ලා බලන් හිටියේ ඒ හුරතල් ඇස් වල නතර වෙලා.
ඒත් එක්කම එයාගෙ ඇස් ඒ පුංචි කොල්ලාගෙන් ඈත් වුනේ එයාගෙ කකුල් වලට දැනුනු සිනිදු ස්පර්ශයක් නිසා.
"ඕහ් පුංචි පූස් පැටියෙක්. මෙයාවද දන්නෑ අරයා හොයන්නේ."
එයාගේ කකුල් වල දැවටි දැවටි හිටපු පූස් පැටියව අතට ගත්ත ඒ කොල්ලා එහෙන්මම හැරිලා බැලුවේ පුංචි කොල්ලා දිහා.
"ඕහ් මගේ මෝචි... ඔයා කොහෙද අනේ ඔය ගියේ."
බංකුව ලග ඉන්න කොල්ලාගෙ අතේ ඉන්න පූස් පැටිය දිහා බලාගෙන එහෙම කිව්ව පුංචි කොල්ලා බංකුව ලගට දුවගෙන ආවා.
"ඔයා මෙයාවද හෙව්වේ. "
එයාගෙ අතේ හිටපු පූස් පැටියාව පුංචි කොල්ලා දිහාට දික් කරලා එහෙම අහපු තරුන කොල්ලා ඒ ඇස් දිහා වගේම දුවලා දුවලම මහන්සියටම රතු වෙලා පිම්බිලා තිබුනු ඒ බෝල කම්මුල් දිහා බලාගෙන හිටියේ වශී වෙලා වගේ.
"ඔව් මෙයාව තමයි. මගේ මෝචි බබා. එයා හරිම දගයි. ඔයාට සතූතී හියුන්ගී. එහෙනම් මම යනවා. මට හොදටම පරක්කුයි. තවත් පරක්කු උනොත් හැල්මොනී මට අද රෑටත් ගහයි. "
බංකු කොල්ලගේ අතේ හිටපු පූස් පැටියාව අතට අරගෙන පාර පුරාම හැරි හැරී බල බල කෑ ගහගහ දුවපු පුංචි කොල්ලා ඈතට ඈතට නොපෙනී යනකම්ම තරුන කොල්ලා ඒ දිහා බලාගෙන හිටියා.
"ඔයා කව්ද පුංචි ඒන්ජල්..."
ටික වෙලාවක් එහෙන්මම ඉදන් හිටපු එයා එයාගෙ ඔලුවටත් පාරක් ගහගෙන මේ ලෝකෙට ආවේ එයාගෙ මූන ලස්සන හිනාවකින් පුරවගෙන හීන ලෝකෙක අතරමන් වෙන ගමන්.
ඉතින් එදා ඒ පුංචි කොල්ලට අමතක වුනා එක විනාඩියක් ඒ බංකු කොල්ලාගේ මූන බලන්න. ඉතින් ඒ මූන පුංචි කොල්ලාගේ හිතේ රැදුනේ නැති එක අහන්නත් දෙයක්ද
⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜
YOU ARE READING
where are you my angel? ⚜ vminkook [short story] completed
Short Story"where are you my angel ..? i'm waiting for you.." 💜💛 එක තත්පරයකින් කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද..? jikook vminkook top - jungkook bottm - jimin bts fanfiction start - 2022.07.16 - end - 2022.07.20