23 ⚜

259 85 15
                                    


"ආ......ව් නෑ නෑ චිමී ආයෙ එහෙම කරන්නෙ නෑ. ජන්කූක්ට ප්‍රොමිස් වෙනවා ආයෙ එහෙම කරන්නෙ නෑ කියලා....ආහ්.... අනේ මට කිති ඕහ්..."

ජන්කූක් ජිමින්ව පුටුවට පෙරලගෙන කිතිකවන්න ගත්තේ ඒ පුංචි හොරගෙඩියා කරලා තියෙන නසරානි වැඩේට දඩුවමක් විදිහට.

ඊයෙ රෑ වෙලා ජන්කූක් ජිමින්ට අයිස්ක්‍රීම් කන්න දුන්නේ නැති එකේ පලිය ගන්න හිතාගෙන ජිමින් උදේම නැගිටලා හොරෙන් හොරෙන් ජන්කූක්ගේ ෆ්‍රිජ් එක අස්සේ තිබුනු ලොකූම ලොකූ බනානා මිල්ක් බෝතලේම එක හුස්මට බීලා ඉවර කරේ ජන්කූක් ඇහැරෙන්නත් කලින්ම.

ඉතින් නැගිට්ට ගමන් කිරි වීදුරුවක් බොන ජන්කූක්ට එයාගේ බනානා මිල්ක් බෝතලේ හිස් වෙලා කියලා දකිනකොටම වෙලාතියෙන වැඩේ තේරුම්ගන්න ගොඩක් අමාරු උනේ නෑ. ඉතින් ඒ වෙලාවෙ ඉදන්ම ජන්කූක් ජිමින්ව කිතිකවන්න ගත්තේ ජිමින්ගේ හිනා හඩින් මුලු අපාට්මන්ට් එකම පිරිලා යද්දියි.

"අදත් උදේම පටන් ගත්තද දෙන්නගෙ මල කෝලම. හනේ ඇත්තට ජන්කූක්.... මගේ චිමීට ඔහොම කිතිකවලා කොල්ලට හුස්මගන්න බැරිවෙලා මොනාහරි උනොත් උබව උස්සලා දානවා මම හං ගගට හොදේ."

උදේම කුකීටයි ජිමින්ටයි ශබ්ද පූජාව පවත්වගෙන ගේ ඇතුලට ආපු ටේ එයා ගෙනාපු කෑම මල්ල මේසේ උඩින් තියලා ජීකූක් දෙන්නා ඉන්න පුටුවට ඉස්සහ පුටුවෙන් වාඩි වුනේ කම්මුලට අතකුත් තියාන.

" ආව්... කුකී නපුරුයි..හූම්..."

ටේගේ ආගමනයත් එක්ක කිතිකවන එක නවත්තපු ජන්කූක් ජිමින්ව උස්සලා එයාගෙ ඔඩොක්කුවට ගන්නවත් එක්කම එහෙම කියපු ජිමින් හති ඇර ඇර අත් දෙකත් බැදගෙන ගස්සලා අනිප්පැත්ත හැරුනේ ඒ cute රිඇක්ශන් වලට ජන්කූක්ට වගේම ටේටත් හිනායද්දියි.

"ආවූ.. මගේ චිමී පැටියට තරහා ගිහින් වගේ. කෝ කෝ බලන්න මූන.."

ජන්කූක් ජිමින්ව එයාගේ පැත්තට බලෙන්ම හරවගෙන හිනා වෙවී එහෙම අහද්දි ඔරවගෙන තිබුනු ජිමින්ගේ මූනට එකපාට්ටමහිනාවක් ආවේ හරිම සද්දෙන්.

" මම ඉතින් ආදරේටනේ ඊයෙ රෑ කන්න එපා කිව්වෙ ම්ම්.... රෑ වෙලා ඔයා අයිස්ක්‍රීම් කෑවා නම් ාද මට චිමීගේ හොටු ලේන්සු ටික හෝද හෝද තමයි ඉන්න වෙන්නේ."

ජන්කූක් ජිමින්ගේ කම්මුල්වලට හාදු ගොඩාක් දීලා එහෙම කිව්වහම ජිමින් තොල් දෙකත් පෙරලගෙන බිම බලාගත්තා.

"හරි හරි දැන් නම් ඉතින් කෑවට කමක් නෑ. හැබැයි උදේ කෑම ගත්තට පස්සෙ හොදද..? කෝ දැන් හිනා වෙන්න මගේ ඒන්ජල්."

ඒ පාර මූනේ මල් සීයක් පිපුනා වගේ හිනා වුනු ජිමින් ජන්කූක්ව බදාගත්තේ අයිස් ක්‍රීම් කන්න ලැබෙන සතුටට මිසක් කුකීට තියෙන ආදරේකට නම් නෙවෙයිලූ ඉතින්.

කොහොම හරි මේ ලස්සන ආදරනීය දක්ශන දිහා බලාගෙන කෙනෙක් සුසුම් හෙලුවේ එයාගෙ හිතේ ඉදන් උඩට එන්න දගලන හැගීම් වලට හිත අස්සෙම ඉන්න කියලා තරවටු කරන ගමන්.





⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜

where are you my angel? ⚜ vminkook [short story] completedHikayelerin yaşadığı yer. Şimdi keşfedin