11 ⚜

276 93 4
                                    


"චිමී එයාගේ පූස් පැටියව හොයාගෙනයි මේ ආවේ... ඒත් එයාව හම්බවුනෙ නෑනේ. ඉතින් ..*හික්ස්*.. ආහ් චිමීට ගුඩුස් යනවනේ. කතා කරන්න අමාරුයී..."

එකපාරටම මගින් කතාව නතර කරපු චිමී එයාගෙ අත් දෙකෙන්ම ඇස් පොඩි කර කර අඩන්න ගත්තේ ජන්කූක්ව බය කරවලා.

"ආහ්...අඩන්න එපා ච්මී. ආ මෙන්න මේක බොන්නකෝ...."

ඉක්මන්ටම ස්ටූල් එක උඩ තිබුනු වතුර වීදුරුව චිමීගේ අතට දුන්නු ජන්කූක් චිමී ඒක අතට අරන් බීගෙන බීගෙන යන දිහා බලාගෙන හිටියා.

වතුර වීදුරුවම එක හුස්මට බීලා තොල් දෙකත් ලෙව කාපු චිමී හිස් වීදුරුව ජන්කූක්ගේ අතට දුන්නේ එයාගෙ ඇස් හීනී කරලා හිනා වෙන ගමන්.ඒ හිනාව දිහා බලාගෙනම වීදුරුව අතට ගත්ත ජන්කූක් චිමීගේ පුංචි බෝල අත එයාගෙ අතින් අල්ලගත්තා.

" ඉතින්..... දැන් කියන්නකෝ.. මොකද උනේ කියල මට..."

එහෙම කියපු ජන්කූක් හිස් වීදුරුව ස්ටූල් එක උඩින් තිබ්බා.

"ඉතින්... ඉතින්... චිමීට පූස් පැටියව හොයලා ගොඩාක් මහන්සි දැනුනා. ඊටපස්සේ චිමී පොඩ්ඩක් විතර හොරෙන් කලුපාට චූටි ඇදුමක් ඇදන් හිටපු නූනා කෙනෙග්ගෙන් එයා ලග තිබ්බ මේසේ උඩ තියලා තිබ්බ රතුපාට බීම එක ගත්තා. ඉතින් ... "

එයාගෙ මූන බිමට හරවගත්ත චිමී ලොකූ හොරවැඩක් කරලා අහු උනා වගේ එයාගේ කකුලේ ඇගිලිවලින් බෙඩ් ශීට් එක පොඩි කරන දිහා ජන්කූක් බලාගෙන හිටියේ තොල් දෙක හපාගෙන.

"ඉතින්..."

ජන්කූක් චිමීගේ අවදානය එයාගේ පැත්තට ගන්න ගමන් එහෙම ඇහුවා.

"ඉතින්... ච්මී ඒක බිව්ව. චිමී දන්නව ඒක නරක වැඩක්. ඒත් චිමී හිටියේ ගොඩාක් තිබහින්. චිමීගේ දිව ගිලෙන්න ඔන්න මෙන්නයි තිබුනෙ.. ඒකයි චිමී එහෙම කලේ. ආයෙ එහෙම කරන්නෙ නෑමයි."

අන්තිම ටික කියන ගමන් ඇස් වලට ආව කඳුලු බිංදුවට ඔහේ කම්මුල් දිගේම පහලට ගලාගෙන යන්න ඉඩ දුන්නු චිමී එයාගෙ ඇස් බෝල කරලා ජන්කූක් දිහා බැලුවේ දැන් එයාට ජන්කූක් දඩුවම් කරයි කියලා බයෙන්. ඇයි ඉතින් ජන්කූක් කියන්නේ පාතාල ලෝකේ හේඩිස් දෙවියොනේ.

"ඕහ් චිමී.... බය වෙන්න එපා. මම ඔයාට දඩුවම් කරන්නෙ නෑ. ච්මී කරලා තියෙන්නේ නරක වැඩක් නෙවෙයිනේ. ඉතින් චිමීට මම සමාව දෙනවා. කෝ ඉතින් අඩන්න එපා..."

ඉක්මනටම චිමීගේ ලගට ගියපු ජන්කූක් අඩන්න ඔන්න මෙන්න වගේ මූනත් හදාගෙන ඉන්න එයාව එයාගේ අත් අතරට අරන් තුරුලු කරගත්තේ මොකක්දෝ නොතේරෙන හැගීම් ගොඩාක් හිත අස්සේ නලියද්දියි.





⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜

where are you my angel? ⚜ vminkook [short story] completedOnde histórias criam vida. Descubra agora