25⚜

255 86 11
                                    


අමාරුවෙන් කෙදිරිගාන චිමීගේ රත් වුනු නලලට ඕඩික්ලෝන් පොගවපු සිනිදු ගෝස් තියලා ගොඩාක් පරිස්සමට එයාගේ ඔලුව අතගාන ගමන් ඒ බාගෙට පියවෙලා තියෙන වේදන බර ඇස් දිහා බලාගෙන සුසුම් හෙලපු ටේ චිමීගාවින් නැගිටලා පැන්ඩා බබාලගෙන් ලස්සන වෙලා තිබුනු චිමීගේ පොරවනය හරිගස්සලා කිචන් එකට ගියේ චිමීට බොන්න උනුම උනු සුප් එකක් හදන්න හිතාගෙන.

"ඔයාගෙ වේදනාව පුලුවන් නම් මට ගන්න... හ්ම්ම්....."

කිචන් එකේ තිබුනු ෆ්‍රිජ් එකෙන් එලවලු ටිකක් වගේම චිකන් ටිකක් අතට ගත්ත ටේ ෆ්‍රිජ් එක වහලා ඒවා සේරම හොදට හෝදලා පලපුරුදු කෝකියෙක් වගේ චිමීට බොන්න රසම රස උනු සුප් කෝප්පයක් හදාගත්තා.

පුංචි බෝල් එකකට සුප් ටික පුරවගත්ත ටේ ඒකත් අරන් චිමීගේ කාමරේට ගියේ ච්මීට කොහොමහරි මේක පොවනවා කියලා හිතාගෙන.

"ජ්..ජන්කූක්... කුකී........ එන්නකෝ....."

කාමරේට ඇතුල් වෙනකොටම චිමීගේ කටින් ඒ ඇහුනු මුනුමුනුව තත්ත්පර ගනකට ටේව දොර ලගම නතර කරත් ඊලග තත්පරේම සුප් බාජනෙත් අරගෙන ටේ චිමී ලගට ආවේ මූනට කොහෙන්දෝ ගත්ත හිනාවකුත් එක්කමයි.

"චිමී මැනික. මේක බොන්නකෝ දැන් නැගිටලා.. ම්ම්... නැත්තන් ඔය උන බහින්නෙ නෑනේ. අනික ඔයාගෙ ඇගට පනත් නෑනේ.."

චිමීගේ ඔලුව සිනීදුවට අතගාන ගමන් එහෙම කියපු ටේ හිමින් ජිමින්ගේ ඔලුව යටින් අත දාලා එයාව ඇදේ ඉදගැස්සුවා.

"ම්ම්ම්ම්.... චිමීට බොන්න බෑ දැන් සුප්.."

"ආහ් එහෙම  කියලා බෑනේ . චිමී හොද ලමයෙක් නම් මේ සේරම බොන්න ඕනෙ දැන් තේරුන්නද?"

චිමීගේ දැඩි විරෝදය මත සම්පූර්න සුප් කෝපයම කොහොමහරි චිමීගේ බඩට දැම්ම ටේ චිමී ලගින් නැගිට්ටේ චිමීට වතුර වීදුරුවකුත් පොවලා.

"දැන් හරි ච්මී. දැන් ඔයා ටිකක්නිදාගන්න. බෙහෙත් බොන්න තියෙන්නේ පස්සෙ. ඒ ටික ජන්කූක් ආවම ඔයාට පොවයි හොදද..?"

ටේ එහෙම කියලා නැගිටල යන්න හදනවත් එක්ක චිමී ඉක්මනටම ටෙගේ අත තද කරලා අල්ලගත්තේ ටේව එතනම හිටගස්සලා.

"ඔ....ඔයා යනවද හියුන්ගී... අනේ යන්න එපා. කුකී එනකම් මන් ගාවම ඉන්නකෝ.."

ඇස් වල කඳුලු පුරවගෙන චිමී මේ කරන ඉල්ලීම ටේ කොහොම ප්‍රතික්ශේප කරන්නද.

"මම යන්නෙ නෑ චිමී. මම මේ කෝප්පේ කිචන් එකෙන් තියලා ඔයාට උනු වතුර එකකුත් අරන් එන්නම් හොදද..?"

ආයෙමත් චිමීගේ ඔලුව අතගාලා ඒ ඇස් දිහා ආදරෙන් බලපු ටේ චිමී ඔලුව වනනවත් එක්කම ඉක්මනටම චිමීගේ කාමරෙන් එලියට ආවේ නැවතීමක් නැතුවම වේගෙන් ගැහෙන පපුවට අතකුත් තියාගෙන.

" මම ඔයාගෙන් ඈත්වෙන්න හදන හැම මොහොතකම ආයෙමත් මාව ඔයා ගාවටම ඇදලා ගන්නේ ඇයි චිමී....."

වේදනාවෙන් ඇදුම් කන හදවත සංසුන් කරන්න නිශ්පල උත්සාහයක් දරන ගමන් ටේ චිමීගේ කාමරේ ඉස්සරහම බිමින් ඉදගත්තේ ඇස් වලින් නැවතීමක් නැතිවම ගලන් යන කඳුලු වලට කම්මුල් දිගේම ඔහේ ගලාගෙන යන්න ඉඩහැරලා.






⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜

කරුමේ කියන්නේ මම ලියලා තිබ්බ එපි ටික ඩිලීට් උනානේ මං අතින්. බය වෙන්න එපා මම ඉක්මන්ටම ලියලා දාන්නම් ඈ....

where are you my angel? ⚜ vminkook [short story] completedWhere stories live. Discover now