20 ⚜

254 87 8
                                    


වෙනදා වගේම එදත් බීච් එකට ගියපු චිමී එදා එයාට හම්බුනු ඒ අලුත් තරුනයා ගැන කල්පනා කරන්න ගත්තා.

" පාතාලේ හේඩිස් දෙවියෝ... අයියෝ.. මට එයාගෙ නම අහගන්න බැරි උනානේ. එයා චිමීට වතුරත් බොන්න දුන්නා. චිමීගේ ඔලුවත් අතගෑවා. අනේ එයා කොච්චර හොදද"

එදා දවසේ සිද්ද වෙච්චි හැමදේම එකින් එක මතක් කරන ගමන් තනියම කියෙව්ව චිමී අතට අරගත්ත වැලි අහුර උඩට කරලා අතෑරියේ හුලගට අහුවෙච්ච වැලි අහුර සීසීකඩ විසිරිලා යන දිහා බලාගෙන.

"මෝචි බබා ඔයා එයා එක්ක සතුටින් ඇති නේද. එයා ඔයාවත් හොදට බලාගන්නව ඇතිනේද.. චිමීට පාලුයි මෝචියෝ. 

චිමීට දැන් කතා කරන්න කවුරුවත්ම නෑ. මැටිල්ඩා හල්මොනී මට හැමදාම වගේ බනිනවා. එයාගෙ ගෙදර මට තව ඉන්න බෑ මෝචියෝ. වෙනද වගේ රෑට කතා කර කර අඩන්න මට ඔයත් නෑ. චිමී තනිවෙලා මෝචියෝ..."

ඇස් වලින් ගලන කඳුලු බිංදු වලට ඔහේ කම්මුල් දිගේම ගලාගෙන යන්න ඉඩහැරපු චිමී එයාගේ කකුල් දෙක ලගට අරන් ඒ අස්සේ මූන හංගගත්තේ හිතට දැනෙන දුක තවත් වචන වලට හරවන්න එයාට හැකියාවක් නැති වුනු නිසා.

පුංචි කාලේ ඉදන්ම අම්මයි තාත්තයි නැතුව එයාගේ වයසක හැල්මොනී එක්ක ජීවත් වුනු චිමී එයාගේ වයසට වඩා ගොඩාක් ලාමක හිතක් තිබුනු කෙනෙක්. මේ නිසාම චිමීගේ හැල්මොනී චිමීට සැලකුවේ ගෙදර වැඩ කරන වැඩකාරයෙක්ට වගේ.

සමහර දවස් වලට එයා චිමීට කන්න පවා දුන්නෙ නෑ. ඒ වගේ දවස් වලට චිමී එයාගෙ පුංචි මෝචි බබාවත් අරගෙන අට්ටාලේ තිබ්බ එයාගෙ පුංචි කාමරේට ගිහින් බිම එලලා තියෙන පරන මෙට්ටේ උඩ වාඩි වෙලා බඩගින්න නැති වෙනකම්ම මෝචි එක්ක කියව කියව ඇඩුවා.

ඒත් අද එයාට දුක කියන්න මෝචිවත් එතන හිටියේ නෑ.

ඉතින් එයා එයාගෙ දුක කියන්න මේ සති හතර පුරාවටම තෝරගත්ත තැන වුනේ මුහුදු වෙරල. හිත සනසන ලස්සන උත්තරයක් දීලා එයාව සනසන්න වෙරලට බැරි වුනත් පුංචි චිමීගේ කතා අහගෙන ඉන්න වෙරලට පුලුවන් වුනා.





⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜

where are you my angel? ⚜ vminkook [short story] completedWhere stories live. Discover now