" ආහ්... ඒන්ජල් .. චිමී ඔයා කොහෙද.. චිමී ඔයා කොහෙද ඉන්නේ."
බාත්ෲම් එකේ ඉදන් එලියට ආපු ජන්කූක් හොදටම බයවෙලා. මොකද එයාගෙ චිමී එයා නිදාගෙන හිටපු ඇද උඩ නෑ.
පොඩිවෙලා ගියපු බෙඩ්ශීට් එකයි චිමීගෙ වටෙන් තියලා තිබ්බ කොට්ට ටිකයි විතරක් ඇද උඩ තවමත් වැතිරිලා හිටියා. ඒත් ඒ මැද නිදාගෙන හිටපු පුංචි ඒන්ජල් එයාගෙ සුවද විතරක් කාමරේ තනි කරලා අතුරුදහන් වෙලා.
"ආයිශ්.. චිමි ..ඔයා මාත් එක්ක සෙල්ලම් කරනව නේද.. කෝ එලියට එන්න දැන්. මං ගොඩක් බය වෙලා ඉන්නේ."
ජන්කූක් චිමීට කතා කරන ගමන් ඇද අස්සේ ක්ලෝසෙට් එක අස්සෙ වගේම කබඩ් අස්සෙත් එයාව හෙව්වා.අන්තිමට ඇද ලග තිබුනු ස්ටූල් එක අස්සෙත් චිමීව හොයපු ජන්කූක් තේරුම් ගත්තා එයා මේ කාමරේ නැති බව.
"ඔයා කොහෙද මටත් නොකියම ගියේ ඒන්ජල්. ඇයි ඔයා මාව දාලා ගියේ."
ඇස් අගින් වැටෙන්න හදන කඳුලු බිංදුව අතින් පිහලා දාපු ජන්කූක් ස්ටූල් එක ලගට ගියේ ෆෝන් එක අරගෙන ටේට කෝල් එකක් ගන්න හිතාගෙන.
ආදරේ කියන්නේ මොකද්ද කියලාවත් නොදැන දෙමව්පියන්ගේ ආදරේවත් හරි හැටි නොලැබී ජීවිතේම සෙල්ලමක් කරගෙන සෙල්ලක්කාර විදිහට ජීවත් වුනු ජන්කූක්ට එකපාරටම හිතට දැනුනු මේ හැගීම කොහොම අමතක කරන්නද. එයාට කෙනෙක්ගැන ආදරයක් දැනුනේ ජීවිතේ පලවෙනිම වතාවට. ඉතින් කොහොමද එයාව අතෑරලා දාන්නේ.
"හෙ..හෙලෝ ටේ. මගේ චිමී.... එයා කාමරේ නෑ...."
ජන්කූක් ගොත ගහ ගහ ටේට කතා කලේ කබඩ් එකෙන් ගත්ත ඇදුමකුත් දාගෙන රූම් එකෙන් එලියට එන ගමන්.
⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜
YOU ARE READING
where are you my angel? ⚜ vminkook [short story] completed
Short Story"where are you my angel ..? i'm waiting for you.." 💜💛 එක තත්පරයකින් කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද..? jikook vminkook top - jungkook bottm - jimin bts fanfiction start - 2022.07.16 - end - 2022.07.20