තමංගේ තොල්වලට එකපාරටම දැනු උනුසුමත් එක්ක ටික වෙලාවකට පස්සේ ඇස් ඇරලා බලපු චිමී දැක්කේ එයාව තුරුලු කරන් ඉන්න කුකීවයි අදුරේ ගිලිලා තිබ්බ කාමරෙයි විතරයි.
එලියේ හොදටම වහිනවා කියලා පෙන්නන්නම ඒ වෙලාවෙම සද්දෙට අකුනකුත් ගැහුවේ චිමීව ගැස්සිලා යද්දියි.
"ආහ් ටේ ටේ හියුන්...ඔයා කෝ.."
එයාගෙ වටේට එතිලා තියෙන කුකීගෙ අත පරිස්සමට අයින් කරපු ජිමින් එයාගෙ පුංචි රෝස පාට යටිපතුල් සීතල පොලව උඩින් තියලා සාලෙ පුරාම ඇවිදලා කාමර පුරාමත් ටේව හෙව්වා.
ඒත් එයා දැක්කේ නෑ ටේ එයා නැගිටිනකොටම ගෙදර දොර වහගෙන එලියට ගියපු බව.
වටේම ඇවිදලා ආයෙමත් සෝෆ එක ලගට ආව චිමී නිදාගෙන හිටපු කුකීට කතා කරන්න හිතුවේ ටේ ගෙදර කොහේවත්ම නැති නිසා.
"කුකී...කුකී නැගිටින්නකෝ. ටේ ටේ හියුන් කොහෙවත් නෑ. එයා ගිහින්ද කොහෙද. එලියේ වහිනවත් එක්ක."
චිමීගේ සද්දෙට ඇහැරලා බලපු කුකී ටික වෙලාවකින් චිමී කියපු කතාව හරියට ඔලුවට දාගත්තා.
"ටේ කොහෙද මේ මහ රෑ ගියේ. අනික වහිනවත් එක්කනේ."
"හ්ම්ම් ඒක තමයි මාත් කිව්වේ."
චිමී දිහා ටික වෙලාවක් බලන් හිටපු ජන්කූක් එයාගෙ ෆෝන් එක අදුරේම අතපත ගාලා හොයාගත්තේ ටේට කෝල් එකක් ගන්නවා කියලා හිතාගෙන.
ඒත් ටේගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති තැන ජන්කූක් ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ ටේ ගැන හොයලා බලන්න ඕනේ කියලා හිතට ක්ශනිකව ආපු සිතුවිල්ලකුත් එක්කමයි.
"පොඩ්ඩක් ඔහොම ඉන්න චිමී මම ඉක්මනටම ශර්ට් එකක් දාගෙන එන්නම්"
එහෙම කියල කුකී කාමරේට යනවත් එක්කම සෝෆා එක ලග ස්ටූල් එක දිහාට ඇහැ යැව්ව චිමීගෙ ඇස් නැවතුනේ ලස්සනට නවලා තිබුනු කොල කෑල්ලක් ලග. ඒක හරියට ලිව්මක් වගේ.
හිමින් සීරුවේ ඒක අතට ගත්ත චිමී ඒක පරිස්සමට දිගඇරලා කියවන්න පටන් ගත්තා.
⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜
මේක මම කෝමහරි ඉක්මන්ට ඉවර කරනෝ..... බිය නොවන්න.
YOU ARE READING
where are you my angel? ⚜ vminkook [short story] completed
Short Story"where are you my angel ..? i'm waiting for you.." 💜💛 එක තත්පරයකින් කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද..? jikook vminkook top - jungkook bottm - jimin bts fanfiction start - 2022.07.16 - end - 2022.07.20