18 ⚜

249 86 5
                                    


මාස හතරකට පෙර..

"ආහ් මගේ ඔලුව. ඇත්තටම මම කොහොමද ඒ කාමරේට ගියේ. ඇයි මට මොකුත්ම මතක් වෙන්නෙ නැත්තේ. අයියෝ..."

ක්ලබ් එකෙන් එලියට ආව චිමී එයාගෙ මෝචිව හැමතැනම හෙව්වා . ඒත් එයාට පුංචි මෝචි පැටියව නම් හොයාගන්න ලැබුනේ නෑ. අන්තිමට පාර අයිනේ තිබ්බ පුංචි බංකුවක වාඩි වුනු එයා අත් දෙකෙන්ම එයාගෙ ඔලුව අල්ලගෙන පහලට නැවුනේ ඔලුවෙන් එන වේදනාව දරාගන්න ටිකක් අමාරු වෙද්දියි.

ඒත් එක්කම ඉස්සර බලපු එයා දැක්කේ කාවදෝ හොයන ගමන් වේගෙන් වේගෙන් වටපිට බල බල දුවන තරුනයෙක්ව.

"ආහ් මම එයාව මීට කලින් දැක්කද..?"

ඒ තරුනයාව දැක්ක ගමන් චිමීට හිතුනේ එයා කොයි වෙලාවක හරි ඒ තරුනයාව දැකලා තියෙනවා කියලා. ඒත් කොහෙදිද.

ටික වෙලාවක් කල්පනා කරපු ච්මී අත් දෙකෙන්ම කට වහගත්තේ එයාට දෙයක් මතක් වෙච්චි නිසා.

"හනේ... එයා තමයි දැක්කේ චිමී නූනාගෙන් බීම එක ගන්නවා. එයාට අහු උනොත් චිමීට ගහයිද දන්නෑ.."

ඔව් චිමීට මතක් වුනා එයාව. එ‍යා අර නූනාගෙන් බීම වීදුරුව ගන්න අතරේ එයාගෙ ඇස් නැවතුනු ඒ ඇස් වල අයිතිකාරයා එයා තමයි.ඉතින් එයා බය වුනා එයා ච්මීව අල්ලගයි කියලා.

ඒ තරුනයා එයා ඉදන් හිටපු බංකුව පැත්තට එනකොට ච්මී බංකුව පිටිපස්සට ගිහින් එයාට නොපෙනෙන්න හැංගුනේ ඒ නිසයි.



⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜

where are you my angel? ⚜ vminkook [short story] completedWhere stories live. Discover now