26 ⚜

257 87 13
                                    


" මම යන්නම් අප්පා. මට පුලුවන් මං ගැන තනියම බලාගන්න . කොහොමත් මම ඉපදුනු දවසේ ඉදලම ඒකේ කිසිම වෙනසක් උනෙත් නෑනේ. හැමදාම මට මම්ම ඉදී."

මිස්ටර් ජියෝන්ගේ කාමරේ දොර සද්දෙන් වහගෙනම එලියට ආව ජන්කූක් අතමිට මොලවලා ලග තිබුනු බිත්තියට පාරක් ගැහුවේ හිතේ තිබුනු ආවේගයට.

එහෙන්මම ෆෝන් එක වයිබ්‍රෙට් වෙන්න ගත්ත නිසා ඒක අතට ගත්ත ජන්කූක් දැක්කේ චිමීගෙන් ඇවිත් තිබුනු කෝල්ස් දහයක්.

"දෙයියනේ චිමී මොකද මෙච්චර කෝල් ගන්නේ. මොකඛරි කරදරයක් වත්ද..?"

හොදටම කලබල වෙච්චි කුකී විදුලි වේගෙන් කා එක ගාවට දිව්වේ ඉක්මනටම ගෙදර යන්න හිතාගෙන. විදුලි වේගෙන් කා එක පාරට දාගත්ත ජන්කූක්ට එයාගෙ අපාට්මන්ට් එක ලගට එන්න ගත වුනේ විනාඩි දහයයි.

" චිමී.... චිමී... ඔයා කොහෙද? ඇයි මෙච්චර......"

කෑගහගෙනම ගේ ඇතුලට ආව ජන්කූක් උඩතට්ටුවට නගින පඩිපෙල ලගම හිටගැස්සුනේ චිමීගේ කාමරේ ඉස්සරහ ඉදන් මූන රතූ කරගෙන නැගිටින ටේව දැකලා.

"ටේ...ටේ.. මොකද මේ අඩලා. දෙයියනේ මගේ චිමී කොහෙද.. මො..මොකද උනේ.."

හොදටම කලබල වෙච්ච කුකී යකා වගේ දුවන් ගිහින් ටේ ලගින් නැවතිලා ටේගෙන් ප්‍රශ්න කරන්න පටන්ගත්තේ පිස්සෙක් වගේ.

"ම්ම්..මුකුත්නෑ කුකී .. ච්.. චිමීට ටිකක් විතර උන හැදිලා. එයා ඇතුලේ ඉන්නවා. ගිහින් බලන්න."

"ඕ මයි ගෝඩ්... චිමී.."

ටේ දොර ලගින් ඈත්වෙලා ජන්කූක්ට ඇතුලට යන්න ඉඩ දෙනවත් එක්කම විදුලි වේගෙන් දොරත් ඇරගෙන කාමරේ ඇතුලට ගියපු කූක් නැවතුනේ ජිමින්ගේ ඇද ලග.

මේ අතරේ තවමත් කම්මුල් වල වේලෙන කඳුලු අතින් පිහදාගත්ත ටේ ජීකූක් දෙන්නට පාඩුවේ ඉන්න දීලා කිචන් එකට ගියේ සුප් බෝල් එක හෝදලා දාලා ගෙදර යන්න හිතාගෙන. 

මොකද එයා තවත් මෙතන ඉදලා තේරුමක් නෑ නේද..?





⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜

where are you my angel? ⚜ vminkook [short story] completedWhere stories live. Discover now