කාමරේට ගිහින් ශර්ට් එකක් දාගෙන එන ටිකට කුකී දැක්කේ සෝෆා එක ලග බිම වැටිලා අඩන ජිමින්ව. පඩිපලේ ඉතුරු ටික එක පයින් පැනලා ජිමින් ලගට දුවන් ආව කුකී පපුව අල්ලගෙන හුස්ම ඇද ඇද අඩන ජිමින්ගේ මූන එයාගෙ පැත්තට හරවගත්තේ හොදටම බය වෙලා.
"චිමී මොකද මේ පැටියෝ . ඇයි මේ ඔයා අඩන්නේ. කියන්නකො චිමී මාව බය කරන්නෙ නැතුව."
නොනවත්වාම ඉකි ගහන ජිමින්ට වචනයක් කතා කරගන්නවත් පනක් තිබ්බෙ නෑ. ඉතින් එයා එයාගෙ වෙව්ලන දෑත් අතරේ හංගගෙන හිටිය පුංචි කොල කෑල්ල ජන්කූක්ගේ අතට දුන්නා.
ඒක අතට ගත්ත ජන්කූක් හිමින් සැරේ ඒක කියවන්න ගත්තේ චිමීව එක අතකින් අල්ලගෙන.
මුලු ලිව්මම කියවලා ඉවර කරපු ජන්කූක්ගේ ඇස් වලිනුත් නොනවත්වාම කඳුලු ගලන්න පටන් ගත්තේ එයාටත් නොදැනීමයි.
"ඒ...ඒ කියන්නේ... අන්ද්වේ ... නෑ නෑ ටේ ඔයා එච්චර මෝඩ තීරනයක් ගනී කියලා මම හිතන්නෙ නෑ . අනේ ටේ හියුන්....."
කලබලෙන් වෙව්ලන ගමන් තවමත් ඉකි ගගහ අඩන චිමීව තුරුලු කරගත්ත කුකී කෑ ගහලා අඩන්න පටන් ගත්තේ පිරිමි හිතක් මෙච්චර සියුමැලි වෙන්න පුලුවන්ද කියලා හිතාගන්නවත් බැරි විදිහට.
තව වෙලාව නාස්තිකරන්න කොහොමත් ඉඩක් නෑ කියලා තේරුම්ගත්ත කුකී එයාට නැගුනු ක්ශනික සිතුවිල්ලකට කා එකේ යතුරත් අරන් මහ වැස්සෙම එලියට බැස්සේ ටේව හොයන්න.
"ක්...කුකී ..ම් මාව දාලා යන්න එ..එපා..."
වැස්සෙම එලියට ආව චිමී ගොත ගගහ එහෙම කියනකොට චිමී ලගට දුවන් ආව කුකී එයාව අත් අතරට අරගෙන කා එක ලගට එක්කන් ගිහින් පැසෙන්ජර් ශීට් එකේ ඉදගැස්සුවා.
"ශීට් බෙල්ට් එක දාගන්න මැනික. "
කුකී එහෙම කියනවත් එක්කම ශීට් බෙල්ට් එක දාගත්ත චිමී ඇස් දෙක පියාගෙන ප්‍රාර්තනා කලේ එයාල යනකන් ටේට කිසිම කරදරයක් වෙන්න එපා කියලා.
විදුලි වේගෙන් කා එක ස්ටාට් කරලා පාරට දාපු කුකී කා එක හං ගග දිහාට අරගෙන ගියේ ටේ එතන ඇති කියලා හිතට ආපු සිතුවිල්ලත් එක්කමයි.
ආව වේගෙත් එක්ක වෙනදට පැය බාගයක් එන ගමන විනාඩි පහලවෙන් ආව කුකී දැක්කේ හිතුවා වගේම පාර අයිනේ නවත්තලා තියෙන ටේගේ කා එක.
වටේම අමූතු මූසල අදුරක් පැතිරිලා ගිහිල්ලා තිබුනේ හරිම බයානක විදිහට. නොනවත්වාම වහින වැස්සත් ඒ පරිසරයේ මූසල බව තවත් වැඩි කලේ අතරින් පතර මහා සද්දෙන් පිපිරෙන අකුනුත් එක්කමයි.
"ඔයා ඔහොම්මම ඉන්න චිමී මම ඉක්මනටම ටේව එක්කන් එන්නම්.."
කුකී එහෙම කියනවත් එක්කම මහා සද්දෙන් අකුනක් පිපිරුවේ චිමීගේ බය තවත් වැඩි කරලා.
"ම්.. මට... මට බයයි කුකි.."
චිමී දැන් ඉන්න මානසිකත්වයත් එක්ක එයාව තනියම දාලා යන්න බෑ කියලා තේරුම්ගත්ත කුකී කා එකෙන් බැස්සේ චිමීවත් එක්කගෙනමයි.
මහා වැස්ස අස්සේ චිමීවත් ඇදගෙන පිස්සෙක් වගේ හං ගගේ පාලම උඩට දිව්ව කුකීගේ ඇස් නැවතුනේ පාලමේ අත් වැට උඩ හිටගෙන ගග දිහා බලාගෙන ඉන්න පිරිමි රුවක් ලග.
වටේම ලොකූ අදුරක් පැතිරිලා තිබුනත් ඇස් බොදවෙන තරම් ලොකූ වැස්සක් තිබුනත් අවුරුදු ගානක් තමන් ලග ඉදලා තමන්ව සහෝදරයෙක් වගේ බලාගත්ත එයාගෙ ටේ හියුන්ග්ව අදුරගන්න කුකීට එච්චර අමාරු වුනේ නෑ.
"නෑ නෑ නෑ ටේ ටේ හියුන් ඔයා ඕක කරන්න හිතන්නවත් එපා..."
ඒ දර්ශනේ දැකපු චිමී කෑ ගහගෙනම ටේ ගාවට දිව්වේ එයාට පුලුවන් තරම් වේගෙන්.
ඒත් එක්කම චිමීගේ සද්දේ ඇහුනු ටේ එකපාරටම ගැස්සිලා හැරිලා බැලුවේ එයාගෙ පුදුමය පිරිච්ච ඇස් වලින්.
"එපා හියුන්... නවතින්න ප්ලීස්."
ඔව් ඒ වෙලාවේ ටේට නවතින්න හිතුනා. එයා මේ ගත්ත තීරනේ වැරදීදෝ කියලා එක තත්පරේකදී එයාට හිතුනා.
ඒත් වාසනාව එයා ලග තිබුනද?
එකපාරම ටේගේ ගැස්සීමත් එක්ක වතුර වැටිලා තිබුනු අත්වැට උඩ හිටපු ටේට එයාගේ සමබරතාවය නැතිවෙලා පහලට වැටුනේ එක තත්පරෙන්.
දෛවය හරිම පුදුමාකාරයි... නේද?
⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜
ඔව් දෛවය හරිම පුදුමාකාරයි. ඕතරීගේ ජීවිතයත් දැන් ටීක්..ටීක්...ටීක්.
කැති, පොරෝ, මන්න හීනෙනුත් පේයිද දන්නෑ හැබැයි.🙂
YOU ARE READING
where are you my angel? ⚜ vminkook [short story] completed
Short Story"where are you my angel ..? i'm waiting for you.." 💜💛 එක තත්පරයකින් කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද..? jikook vminkook top - jungkook bottm - jimin bts fanfiction start - 2022.07.16 - end - 2022.07.20