37 ⚜ end

564 98 67
                                    


"ටේ..ටේ හියුන් නැගිටින්න ප්ලීස් නැගිටින්නකෝ...."

පාලම උඩ බිම වාඩිවෙලා ටේගේ ඔලුව එයාගේ ඔඩොක්කුවේ තියාගත්ත චිමී කෑ ගැහුවේ කුකීගෙත් ඇස් කදුලින් බොද වෙද්දියි.

ඔව් ටේ ගගට වැටුනේ නෑ. ඒ තත්පරේදී ටේට වඩා ඉක්මන් වෙන්න කුකීට පුලුවන් වුනා.ටේ පාලමෙන් වැටෙන්න යනකොටම ජන්කූක්ට පුලුවන් වුනා ටේව බේරගන්න.

ඒත් ටේට ඒ ශොක් එක නිසා දැන් සිහිය නැතිවෙලා.

ඇත්තටම දෛවය හරිම පුදුමාකාරයි නේද..?

"කැහ් .. කැහ්... ආහ්... මම... කොහෙද මේ.."

විනාඩි ගානකට පස්සේ ටේට සිහිය ආවේ චිමීගේ ඇස් සතුටු කඳුලු වලින් පුරවලා.

"ටේ ටේ හියුන්... ඇයි ඇයි ඔයා මෙහෙම මෝඩ තීරනයක් ගත්තෙ ආ... කියන්න මට.. ඇයි ඔයා එහෙම කලේ.."

තරහින් කෑ ගහන ගමන් ටේගේ පපුවට එක දිගටම ගහන ගමන් එහෙම ඇහුව චිමීගෙ අත එකපාරම තදින් අල්ලගත්ත ටේ චිමීගේ ඔඩොක්කුවෙන් නැගිටලා පාලම උඩ ඉදගත්තා.

"ම...මට සමාවෙන්න චිමී... මට...සමාවෙන්න . ඔව් මං ගත්තේ මෝඩ තීරනයක් වෙන්න ඇති. ඒත් මට තවත් මේක දරාගෙන ඉන්න අමාරු වුනා. මට සමාවෙන්න කුකී."

"මම ඔයාට ආදරෙයි ටේ ටේ හියුන්. මම දන්නවා සමහරවිට මට ඔයාට කුකීට තරම් ආදරයක් දෙන්න බැරිවෙයි. ඒත් මට ඔයාව ඕනෙ හියුන්ගී.... කුකීටත් ඔයාව ඕනේ.. ඒ නිසා ජීවත් වෙන්න.. ඔයාට බෑ මෙහෙම පැරදෙන්න..."

චිමී ටේගේ කම්මුල් දෙකම එයාගේ අත් අතරට අරන් එහෙම කියනකොට ටේ එයාගෙ ඇස් හරවලා බැලුවේ කුකීගේ මූන දිහා.

ඒක දැකපු කුකී ගොඩාක් ලොකූ විස්වාසෙකින් ඔලුව වැනුවේ චිමී කිව්ව දේ ඇත්ත කියලා ටේට පැහැදිලි කරන්න වගේ.

"මාත් ආදරෙයි.. කියාගන්න බැරි තරම්ම. මට සමාවෙන්න."

ඉකි ගගහා අඩන ගමන් චිමීවයි කුකීවයි තද කරලා බදාගත්ත ටේ විනාඩි ගානක් එහෙම ඉන්න ඇති. චිමියි කුකියි විනාඩි ගානක්ම ඒ පපුවට තුරුලු වෙලා දුක බෙදාගන්න ඇති.

එයාලගේ දුක්බර මතක ඔක්කොම කඳුලු වලට මුසුවෙලා මහා වැස්සට ගහගෙන යන්න ඇති.

අවසානයේදී ලස්සන මතක වලින් පිරුනු ජීවිතයක් ඔවුන්ට උරුම වෙන්න ඇති........


                                                     end







ඔව් ජීවිතේ පුදුමාකාරයි. මේ වගේ සිදුවීම් වෙන්න බැරිද?

පුලුවන් .. ඕනි තරම්...

එකම හිතකට ආදරේ කරන හිත් දෙකක්. එතනදි අනිවාරෙන්ම එක්කෙනෙක්ට තමන්ගේ ආදරේ පූජා කරන්න සිද්ද වෙනවා. ඒ දුක දරාගන්න සිද්ද වෙනවා. ඒක සාමාන්‍යයි.

ඒත් ආදරවන්තයෝ තුන්දෙනාටම එකට සතුටින් ජීවත් වෙන්න බැරිද. එකට ජීදිතේ විඳින්න බැරිද..

ඒක වෙනස් දෙයක්ද... ඔව් ඒක වෙනස් දෙයක් තමයි.

ඒත් එහෙම වෙන්න බැරිද?

ඔයාලා මොකද හිතන්නේ... මට කියන්න.. ඔයාලගේ පුංචි අදහස මට ගොඩක් වටිනවා....

ඉතින් මගේ මේ පුංචි කියලා නම දාපු ඒත් ටිකක් විතර දිග වැඩිවුනු කතාන්දරය මෙතනින් ඉවරයි.

අවසානය ඇත්තටම මෙහෙම නෙවෙයි මම ප්ලෑන් කරන් හිටියේ. ඒත් මේ කතාවත් සෑඩ් කරන්න මගේ හිත දුන්නේ නෑ.

ඉතින් මේ අලුත් අවසානය ගැන ඔයාලා මොකද හිතන්නේ. මට පුංචි කමෙන්ට් එකකින් කියන් යන්න ප්ලීස්.

මොකද ඒක මට වටිනවා ගොඩාක්.

ආහ් තව දෙයක්... ඔයා මගේ කතා සේරම කියවපු කෙනෙක් නම් මේ චැප්ටර් එකේදී මගේ එක කතාවක් මතක් වෙන්න ඇති.

ඔව් එදා ටේට බැරි වුනා කුකීව බේරගන්න. ඒත් මෙතනදි කුකීට පුලුවන් වුනා ටේව බේරගන්න.

මේ කතා දෙක අතරේ කිසිම සම්බන්දයක් නෑ මම නිකම් කිව්වේ..

ඒත් ඇත්තටම දෛවය පුදුමාකාරයි නේද.. ඔයාගේ මගේ ජීවිතය ඒක පුදුමාකාරයි..

හරී මගේ හෑල්ල ඉවරායි... කතාව කියෙව්වට වෝට් කලාට කමෙන්ට් කලාට. මාව මරන්න ප්ලෑන් කලාට. වද දීලා අප්ඩේට් ඉල්ලුවාට මේ හැමදේටම ස්තූතී..

ඒ වගේම ආයෙමත් ස්තූතී.... කතාව ඉවර කරනකොටම 1k  වීව්ස් දුන්නට....

එහෙනම් තවත් කතාවකින් හම්බෙමූ...

බායි...

jeoninha...💜🖤

where are you my angel? ⚜ vminkook [short story] completedDonde viven las historias. Descúbrelo ahora